" කෝ.. එනවා එනවා.. අනේ පුතා ගිහින් හරියට ඇදුමක් දා ගෙන එනවා ටවල් එක ගැට ගහගෙන එන්නෙ.. "
" අනෙව්.. පොඩ්ඩක් ඉන්න එහෙනම්.. "
රවි අයියා වොශ් එකක් දාගෙන මෙවී එක්ක පහලට එද්දි දිලූ වොශ් එකක් දා ගෙන ටවල් එක ඉනට පටලවන් ටී එකකුත් ඇදන් එද්දි අම්මි එයාව ආයෙ එලෙව්වා..
" වාඩිවෙනවා.. කෝ ඔය නූල ලූස් කරන්න බලන්න.. කොහෙද ඉතින් අම්මලා තාත්තලා ඩොක්ටස්ලා උනාට වැඩක් යැ.. හම්බ උන මෝඩ පුතා බෙහෙත් කට්ටක් දැක්කම කලන්තෙ දානවනෙ.. "
අපි කට්ටියම අද කලිම්ම කෑම කාලා එයාගෙ තුවාලෙට බේත් දානකම් ටීවී එක ගාව වාඩි වෙලා හිටියෙ.. එයාගෙ තත්තනම් කිසි කතාවක් නැතුව බලන් ඉද්දි දිලූ සෝෆා එකේ වාඩි වෙලා ටේබල් එක උඩින් කකුල් දෙක තියන් බෙහෙත් දාන්න නූල ලූස් කර කර එයාගෙ තාත්තා දිහා හොරෙන් බැලුවා..
" මොනා නැතත් සාකී අපිට දැන් රැන්ඩම් ෆිල්ම් එකක් බලන්න පුලුවන් නැද්ද රවි අයියෙ.. "
" ඒකනම් ඇත්ත නේද ආන්ටී.. ඔන්න ඔන්න ඕන්න අපේ බෝයිස්කූල් එකම හොල්ලන් ඉන්න මිනිහා දැන් දැන් හොටු පෙරීමට නියමිතයි.. "
එයාලා මගෙ දිලූට එක එක ඒවා කිව්වා ඒත් ඇයි කියන්න එච්චර මට මීටර් උනේ නෑ.. එයාගෙ තුවාලෙ චුට්ටක් ඉදිමිලා වගේම වටේ නිල් වෙලා තියෙද්දි ආන්ටි සජිකල් වලින් පොගවපු පුලුන් කෑල්ල එක්ක කතුර අතට ගද්දි දිලූ අඩන්න කට හද හද හිටියා...
ඊයා.. මේකා මහ බිබික්කමෙක්නෙ.. මීට හොදා....යී..මටත් එක්ක ලැජ්ජයි අෆ්ෆා..
" අනෙ තාත්තී... අනෙ ඔයා බේත් දන්නකො අම්මී එපා අප්පා.. ඔයා එපා අනේ තාත්තී.. "
" ඇයි දැන් මන් එපා.. "
" ආන්ටී.. ආන්ටිට මතකද ඔයාගෙ ෆයිල් එක මායි මූයි ගෙනත් දෙද්දි හොස්පිට්ල් එකේ ඔයා බාහිර රෝගී අංශය කියලා ගහපු රූම් එකේ ඉදපු ලේඩිට බේත් දෑවා.. අන්න එදා ඔයා කතුරට පුලුන් කෑල්ල හිර කරලා අතුල්ලද්දි ඒ ලේඩිගෙ කෑ ගැහිල්ලටයි අතුල්ලන වේගෙයි දැකලා තමා මූ කවදාවත් ඩොකෙක් වෙන්නෙ නෑ කිව්වෙ.. ආන්ටිට කියන්න එදා මූ දවසෙම කෑවෙ නෑ.. මූට ඒක දැකලා කලන්තෙත් හැදුනා.. "
YOU ARE READING
𝑯𝒖𝒈 𝒎𝒆 (𝒃𝒍 𝒔𝒕𝒐𝒓𝒚)
Fantasy-සනසන්න සැනසෙන්න නුබ ලගම දැවටෙන්න- " ආදරේ කරන්න චූටී..ඒක ලස්සන හැගීමක්.. මට මග ඇරුන උබට හම්බෙන්නම ඕනෙ ලස්සන හැගීමක්.. " " චූටි ඒ අල්ලගත්ත අත කවදාවත් අත් අරින්න එපා.. මන් විදින දුක ඔයා විදිනවට මන් කැමති නෑ.. "