Chapter 12💜

885 140 38
                                    

"ටේ...ටේ...ටේ...ඔයා...??"

joong hi අඩලා අඩලා ගොරෝසු වුන  කටහඩකින් ඇහුවෙ ගොත ගගහා....

" මන් මේ කරපු දේවල් තමුසේ අමතක කරලා දාන්න"
නොසන්සුන් ස්වරයෙන් එහෙම කියපු ටේ,ජුන් හී ව එහෙම්මම තල්ලු කරලා දාලා එතනින් ගියා....

බයෙන් වගේම පුදුමයෙන් පිරිලා හිටිය ජුන් හී හේත්තු වෙලා හිටිය බිත්තිය දිගේ
රූට්ටලා ගිහින් බිම ඉදගත්තේ හිතේ වේදනාව තව තවත් වැඩි වෙච්ච නිසා....

" ටේ...... ඇයි ඔයා මට මෙහෙම කරන්නෙ.......?ඇයි ඔයා මාව මේ විදියට පාවිච්චි කරන්නෙ....???

ඉස්සර වෙලා මාව kiss කරල කිව්වා මන් ශොක් වෙලා හිටිය නිසා කිස් කරේ කියලා.....ඒත් දැන්......???ඇයි එහෙම??......

එයා මාව පාවිච්චි කරනවා වගේ........මමයි මෝඩ උනේ.කිස් එකක් දුන්න පලියට මගෙ හිතේ එයාට ඉඩක් වෙන් කලා...........මායි ලොකුම වැරැද්ද කරේ..."joong hi පිස්සෙක් වගේ අඩ අඩ තනියම කියවන්න ගත්තා...

_________________________________________

"අඩේ  දැන් සර් එයි බං මේකි තාම නෑනේ" aro ජුන් හී පන්තියට නාපු නිසා ටිකක් බය වෙලා හිටියේ..

liyo කොල්ලොන්ගෙ මේසෙ දිහ බල බල "වැඩේ හරි,අර බලපන් ටේත් නෑ.ඒ කියන්නෙ මුන් දෙන්නම එකට ගිහින් ඇත්තේ.....කවුද දන්නෙ දෙන්නා අත් අල්ලන් park එකේ ඇවිදින්නවත් ගිහිල්ලද"

" ඒ ලියෝ,පිස්සු කියවන්නෙ නැතුව හිටපන්" agra ටත් liyo කියපු දේ ඇත්ත කියලා හිතුනත්,එයා කවදාවත් කොල්ලො ටිකට කැමති උනේ නැති නිසා,එයා එහෙම කියලා දැම්මා.

කොල්ලො ටිකත් කෙල්ලො මොනාද කියන්නෙ කියලා විමසිල්ලෙන්ම හිටියා." ඒ බං උබ හිතනවද ජුන් හී ටේ එක්ක ඇති කියලා"min hoo කිව්වෙ ලොකු සැකේකින්." නැත්තම් නැත්තම් බං.Interval එකේ වෙච්ච දෙයින් පස්සෙ මුන් දෙන්නම අතුරුදහන්නෙ"

" නෑ හොබී මම හිතන්නෙ නෑ.මම දන්න ජුන් හී නම් කවදාවත් එහෙම නෑ."hyunsik මේසේ උඩට කකුල දාන ගමන් කිව්වා.

" අඩේ අද සර් කාරයා එන්නෙ නෑ වගෙ බං.මට මෙතන ඉන්න කම්මැලි,මම ටිකක් ground එකට ගිහිල්ලා එන්නම්."cindy එතනින් දුවලා ගියා.

𝐇𝐢𝐠𝐡 𝐬𝐜𝐡𝐨𝐨𝐥 𝐥𝐨𝐯𝐞 [COMPLETE ]Where stories live. Discover now