Chapter 22💜

706 107 49
                                    

morning

lee yoon ක්ලාස් එකේ පැත්තකට වෙලා කල්පනා කලේ hyunsik එදා එයාට බේත් දාපු එක ගැන.ඒදා වුන හැමදෙයක් මත් කර කර තනියම හිනා වෙන්න ගත්තා.

" මොකද තනියම හිනා වෙන්නෙ.hyunsik වත් මතක් උනාද " මෙච්චර වෙලා මේ දිහා බලන් හිටපු agra lee yoon ගෙන් ඇහුවා.

" අම්මො ඔව් ඔව් දැන් මෙයාගෙ ඔලුවට hyunsik ඇරෙන්න වෙන මොකුත්ම එන්නෙ නෑ😂" chips කකා හිටපු ලියෝ lee yoon ගෙ පැත්තට හැරෙන ගමන් කිව්වා.

" එහෙම මොකුත් නෑ........" lee yoon ජනේලෙ පැත්තම බලාගෙන කිව්වා.

" ඒක නෙවේ ඇත්තටම ඔයා අපේ අයියට කැමති නේද.බොරු කියන්න එපා... ඇත්තම කියන්නකො"

" ඇයි ඔයා එහෙම අහන්නෙ...එ..එහෙම මොකුත් නෑ"

" ඇත්තට....අනෙ පිස්සියෙ කැමති නම් කියන්න යාලු කරගන්න හෙල්ප් එකක් දෙන්නම්"

" ම් මොකද්ද?එතකොට ඔයාගෙ අකමැත්තක් නැද්ද "එක පාරටම ජනේලෙ පැත්තම බලන් හිටපු lee yoon girls ලා පැත්තට හැරුනා.

" මම මොකට අකමැති වෙන්නද අනේ " areum හිනාවෙන ගමන් lee yoon ට කිව්වා." මෙහෙ එන්නකො "

areum lee yoon වත් ඇදගෙන එලියට ගියා.එයාලගෙ පස්සෙන් joong hiයි aroයි geo eunයි ගියේ එයාලා කොහෙද යන්නෙ කියලා බලන්න ඕන නිසයි.කට්ටියම ගිහින් නැවතුනෙ ඉස්කෝලෙ පිටිපස්සෙ තාප්පෙ ලග.මොකද hyunsik ගොඩක් වෙලාවට ඉන්නෙ එතන නිසා.හිතුවා වගේම ඒ වෙලාවෙත් hyunsik එතන හිටියා.

" ඔය ඉන්නෙ ගිහින් කතා කරන්න."areum hyunsik ඉන්න පැත්ත ඇහෙන් පෙන්නනන ගමන් කිව්වා.

" ම්.මන් මොනා කියන්නද " lee yoon ගොත ගහන්න ගත්තෙ හිතේ පොඩි බයකුත් තිබ්බ නිසා.

" ඒවා අපි දන්නෙ නෑ ඉතින් ඔයානෙ ඒවා දන්නෙ.යන්න ගිහින් කතා කරන්න."areum එහෙම කියන ගමන් lee yoon ව තල්ලු කලා.

hyunsik ඒ වෙලාවෙ කිරි එකක් බිබී හිටියෙ.areum lee yoon ව තල්ලු කරපු ගමන් lee yoon hyunsik ගෙ ඇගේ හැප්පුනා.ඒ වෙලාවෙ hyunsik බිබී හිටපු කිරි එක හැලුනෙ එයාගෙ uniform  එකෙයි මූනෙයි වැදෙන විදිහට.

" මේ මොන විකාරයක්--" hyunsik කෑගහගෙන lee yoon පැත්තට හැරුනත් එයා කියන්න ගියෙ දේ නැවැත්තුවෙ එය දිහ බය වෙලා බලන් හිටපු lee yoon ව දැකලා.

𝐇𝐢𝐠𝐡 𝐬𝐜𝐡𝐨𝐨𝐥 𝐥𝐨𝐯𝐞 [COMPLETE ]Where stories live. Discover now