Chapter 25💜

839 108 83
                                    

Areum ස්කොලෙට එද්දි හොදටම පරක්කුයි.තව ටිකක් පරක්කු උනා නම් ස්කෝලෙ ඇතුලටවත් යාගන්න බැරි වෙනවා.areum ක්ලාස් එකට දුවගෙන ආපු ගමන්ම හෙව්වෙ යුන්ගිව.එයා ආපු ගමන්ම දැක්කා යුන්ගි සුපුරුදු පරිදි සැතපිලා ඉන්නවා.areum ට ඇහැරවන්නත් දුක හිතුන නිසා එයා යුන්ගි ගෙ නින්දට බාධා කරන්නෙ නැතුව හිමීට areum ඉන්න තැනින් වාඩි උනා.areum homework වලින් බාගයයි ගෙදරදි කරේ.ඒ හින්දා යුන්ගි ඇහැරෙනකම් කියලා එයා ඒ වැඩ ටික කරන්න ගත්තා.ටික වෙලාවක් යද්දි ජිමින් යුන්ගිගෙ ඔලුවට ගහගෙන එයා ඉන්න තැනට ගියා.ඒත් වෙනදට යුන්ගිගෙ ඔලුවට ගැහුවොත් යකෙක් වැහිලා වගේ නැගිටින්නෙ.ඒ වැඩ නිසා ජිමින් සමහර දවස් වලට යුන්ගිගෙන් ගුටිත් කනවා.ඒත් අද යුන්ගි තාමත් නිදි.ජිමින් දන්නවා කවදාවත්  යුන්ගි මෙහෙම ගහපුවාම නැගිටින්නෙ නැතුව ඉන්නෙ නෑ කියලා.ඒක හින්දා ජිමින් ආපහු සැරයක් යුන්ගි ඉන්න තැනට ගිහිල්ලා එයාගෙ ඔලුවට ගැහුවා.ඒත් නැගිට්ටෙ නෑ.

( ඔහොම කියලා හිතාගන්නකො )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( ඔහොම කියලා හිතාගන්නකො )

" ඒයි කුම්බකරණයෝ නැගිටිනවා.මේක උබේ ගෙදර නෙවේ." ජිමින් දෙතුන් සැරයක් ගගහා කතා කරත් එයා නැගිට්ටෙ නෑ.ජිමින්ටත් තරහ ගිහිල්ලා එයා යුන්ගිගෙ ඔලුව බලෙන්ම වගෙ ඉස්සුවා.උස්සද්දි ජිමින්ට දැනුනා යුන්ගි හොදටම රස්ස්නෙයි කියලා.

" ඒ යුන්ගියා උබට හොදටම උණ "

ඒක  ඇහුන ගමන්ම areum බය වෙලා පුටුවෙන් නැගිට්ටා.

" මොකද්ද ඔයා ඔය ඇත්තමද කියන්නෙ එයාට උණද " areum ජිමින් දිහා බලාගෙනම ඇහුවා.

" ඔයාට විශ්වාස නැත්තම් ඇවිල්ලා බලන්නකො."

areum යුන්ගි ලගට ගිහිල්ලා එයගෙ ඔලුවට අත තියලා බලද්දි ගිනි කබල වගේ.ඒත් එක්කම areum යුන්ගිට කෑගහලා බයින්න ගත්තා.ඒ වෙලාවෙම hyunsik lee yoon එක්ක ක්ලාස් එකට ආවා.කට්ටිය වට වෙලා ඉන්න නිසා එයාලත් එතනට ගියා.

𝐇𝐢𝐠𝐡 𝐬𝐜𝐡𝐨𝐨𝐥 𝐥𝐨𝐯𝐞 [COMPLETE ]Where stories live. Discover now