" දෙන්නා කොහෙද ගියෙ " මිස් joong hi tae එලියෙ ඉදලා එනවා දැකලා ප්‍රශ්න කරන්න ගත්තා.
" අ.. ආ මිස් අ.. අපි library එකට ග්..ගියා" joong hi ගොත ගගහා කිව්වා.
joong hi ගොත ගගහා කිව්ව නිසා ටීචට සැකයක් හිතුනා.අනික joong hi ටයි tae ටයි library කියන වචනෙවත් පේන්න බෑ.
" library එකටද රණ්ඩු කරන්නද ගියෙ" මිස් අත් දෙකත් බැදගෙන දෙන්න ඉන්න තැනට එන ගමන් ඇහුවා.
" නෑ මිස් එයාලා මාත් එක්ක පොත් අස් කලා" එකපාරටම පිටිපස්සෙ ඉදන් කෙනෙක් කෑගහලා කිව්වා.
" මිස් මම පොත් ටික අස්කරන්න library එකට ගිය වෙලෙ මෙයාලත් ආවා.අපි එකතු වෙලා පොත් ටික අස් කලේ" seongi යාලුවො දෙන්නව බේර ගන්න මිස්ට හොද බොරුවක් කිව්වා.ටීචත් ඒ බොරුව විශ්වාස කරලා දෙන්නව ඇතුලට ගත්තා.
min hoo, geo eun දිහා බලාගෙන උගුර පාද පාද ඉන්නෙ ටීච ඉන්නවා කියලා ගානක්වත් නැතුව.
lee yoon ජනේලෙන් එබි එබි hyunsik යනවද කියලා බලාගෙන හිටියා.hyunsik යනවා දැක්ක ගමන් මූන චෙරි ගෙඩියක් වගේ රතු කරගෙන හිනා වෙන්න ගත්තා.
" දැන් hounymoon ගිහිල්ලා ලමයිනුත් හදලා ඉවරද " මේක බලන් හිටපු ටීච කෑගහලා ඇහුවා.lee yoon කරන්ට් එකක් වැදුනා වගේ එක පාරටම ගැස්සිලා ටීච ඉන්න පැත්ත බැලුවා.වටේ හිටපු ලමයි ඔක්කොම හිනා වෙන්න ගත්තා.
" මෙතන නිකන් කොමඩි ෆිල්ම් එකක් වගේ,කකා බල්ලන්න චිප්ස් පැකට් එකක් වත් තිබ්බනම්." liyo හිනා වෙන ගමන් කිව්වා.
taecher ඔක්කොම බලන් ඉදලා කේන්තියෙන් min hoo පැත්තට හැරුනා." තමුසෙයි තමුසෙගෙ යාලුවො ටිකයි මහා එපාම කරපු ලමයි ටිකක්.තමුසෙලා නිසා අනිත් ලමයින්ට ඉගන ගන්නත් නෑ.තමුසෙලට ඉගෙනගන්න පොඩ්ඩක්වත් ආසවක් නැද්ද.ඉගෙනගන්න ඕනෙ නැත්තම් ඉස්කෝලෙ එන්නෙ නැතුව ඉන්නවා අනිත් ලමයින්ටවත් ඉගෙන ගන්න දීලා.මන් මේක ගැන ප්‍රින්සිපල්ට complain කරනවා තමුසෙලා හින්දා අනිත් ලමයින්ට ඉගෙන ගන්න නෑ කියලා." ඒක ඇහුන අනිත් අය එක පාරටම කට වහගත්තා.දැන් ක්ලාස් එක මීයට පිම්බා වගෙ.teacher බැනලා බැනලා ආයෙ පාඩම කරන්න ගත්තා.
★ time past ★
class එක 5 වෙද්දි ඉවර වුනා.ලමයි ඔක්කොම ගිය agra cindy විතරක් ක්ලාස් එකෙ ඉතුරු වෙන්න.
YOU ARE READING
𝐇𝐢𝐠𝐡 𝐬𝐜𝐡𝐨𝐨𝐥 𝐥𝐨𝐯𝐞 [COMPLETE ]
Fanfictionසහෝදරත්වයෙන් බැදුන චණ්ඩි කෙල්ලො සෙට් එකකට හම්බවෙන දගම දග කොල්ලො සෙට් එකක්..........රණ්ඩු අතරින් හිනා වෙන පිස්සු කොල්ලො කෙල්ලො සෙට් එකක්........ජීවිතේ ඉරණම් පොතේ ලියවුනු නම් වෙනුවෙන් බලා ඉන්න මේ කට්ටියගේ කතාව කොහොම වේවිද.කියවලම බලන්නකෝ............ s...