Chapter 26💜

836 106 112
                                    

seongi class ගිහිල්ලා ගෙදර එද්දි රෑ 10ත් පහු වෙලා.පාරෙ ලයිට් තිබ්බෙත් ඈතින් ඈතට වගේ.සාමාන්‍යයෙන් ඒ පැත්තෙන් කවුරුත් හයෙන් පස්සෙ යන්නෙ නෑ.ඒත් seongi ට ඒ පාර ලග නිසා එයා ගියෙ ඒ පාරෙන්.එයා කලුවර හරියෙන් හයියෙන් හයියෙන් ගියෙ ගොඩක් පාලුවට ගිය තැනක් නිසා.එයාගෙ කකුල් දෙකේ වේගේ වගේම එයාගෙ හදවතේ වේගෙත් එන්න එන්නම වැඩි උනා.එයා එන්න එන්නම කකුල් දෙකේ වේගෙ වැඩි කලා.එයා ටික දුරක් යද්දි එයාට තේරුනා එයා පස්සෙන් කවුරුහරි එනවා කියලා.එයා පිටිපස්සවත් බලන්නෙ නැතුව දුවන්න ගත්තා.පිටිපස්සෙන් ආපු කෙනත් ගොඩක් වේගෙන් ආවා.seongi ටිකක් දුර යද්දි තේරුනා පිටිපස්සෙන් එන කෙනා පයින් එන කෙනෙක් නෙවේ කියලා.ඒත් seongi බයටම පිටිපස්ස හැරිලා බලන්නෙ නැතුව දිව්වා.පිටිපස්සෙන් එන කෙනාට ඉස්සරහ කෙනෙක් ඉන්නවා කියලා පෙවුනෙ නෑ ඒ තිබ්බ කරුවලටම.පිටිපස්සෙන් ආපු කෙනා ආවෙ bycicle  එකක.එයා ඉතින් කවුරුත්ම නැති පාලු පාරක් නිසා වෙනදට වඩා හයියෙන් bycicle  එක පැද්දා.ඔව් ඒ rm.එයත් ක්ලාස් ගිහිල්ලා එද්දි තමා පරක්කු උන නිසා ලග පාරෙන් ගියෙ.rm වේගෙන් වේගෙන් bycicle  එක පැදන් යද්දි

" ආ.............................."

එක පාරටම ගෑනු ලමයෙක් කෑගහන සද්දයක් ඇහුන නිසා එයා එක පාරටම බ්‍රේක් ගැහුවා.එතනින් bicycle  එකේ ස්ටෑන්ඩ් එක ගහපු rm ඉස්සරහට ගියාමයි දැක්කෙ එයාගෙ bike එකට කෙනෙක් හැප්පුනා කියලා.එයා ඒ ගෑනු ලමයව නැගිට්ටවන්න ගියා.

" ඕ සොරි සොර්--" rm කියන්න ගියපුවා ගිල ගත්තෙ එතන හිටියෙ seongi කියලා දැකපු නිසා.

" ඔයාද මේ................මොකද මේ පාරෙ යන්නෙ.දන්නෙ නැද්ද මේ පාරෙ හයෙන් පස්සෙ කාටවත් යන්න එපා කියලා තියෙන්නෙ කියලා.විශේශයෙන් ගෑනු ලමයෙක්.මේ පාරෙ ඉන්න මිනිස්සු ගැන කියන්න ඕනෙ නෑනෙ."

" නෑ මේ මේ අද පරක්කු උන නිසා මේ පාරෙන් ආවෙ.අර පාරෙන් ගියානම් තව පරක්කු වෙනවනෙ.අනික ඔයා මොකද මේ පාරෙ කරන්නෙ "

" ඒ මෝඩි මම කොල්ලෙක් කියලා අමතක උනාද.මේ පාරෙ මිනිස්සුන්ට අහු උනා නම් මරු එකට තියෙයි.මෙච්චර කාලයක් ඉගෙනගෙනත් ඔය මොලේ මැටිද තියෙන්නෙ.බොරුවට කියවන් එන්න නම් දන්නවා." rm seongi ගෙ ඔලුවට ගහන ගමන් කිව්වා.

𝐇𝐢𝐠𝐡 𝐬𝐜𝐡𝐨𝐨𝐥 𝐥𝐨𝐯𝐞 [COMPLETE ]Where stories live. Discover now