Chapter 14💜

850 123 95
                                    

කෙල්ලො ටිකටත් තේරුනා ජුන් හීට මොකක් හරි ප්‍රශ්නයක් කියලා.එයාගෙ හැසීරීම වෙනදට වඩා වෙනස් නිසා.

"මේකිට මොන යකෙක් වැහිලද" aro ඔලුවත් කස කස කිව්වා.

" කවුද බං දන්නෙ,ඒකිව තේරුම් ගන්නනම් ආත්ම ගානක්වත් යයි.එක වෙලාවකට ටේ එක්ක යාලුයි.තව වෙලාවකට ටේගෙ නම ඇහෙද්දිත් යකා නගිනවා."geo eun ඩෙස්ක් එකේ ඔලුව තියාගෙන කිව්වා.

"මම washroom එකට ගිහිල්ලා එන්නම්" සින්ඩි කොන්ඩෙත් හද හද කිව්වා.

සින්ඩි ඇත්තටම ගියේ washroom එකේ කණ්ණාඩිය ගාවට.එතනට ගිහිල්ලා මූනත් හෝදගෙන,කොන්ඩෙත් පීරගෙන,lipstick ටිකක් ගාගෙන එතනින් එලියට ආවා.

සින්ඩි එලියට එද්දිම පිරිමි ලමයෙක් ඇවිල්ලා එයාව බදාගත්තා.සින්ඩිටත් මොකද උනේ කියලා හිතාගන්න බැරි උනා."මේ මොන මලවිකාරයක්ද අතාරිනවා මාව.අයින් වෙනවා........."සින්ඩි ඔහුව තල්ලු කරන ගමන් කිව්වා.

"හ්හ්........ජිමින් තමුසෙද මේ.තමුසෙට මොන යකෙක් වැහිලද එකපාරටම ඇවිත් මාව බදාගන්නෙ.අනික තමුසෙ මොකද මේ පැත්තේ කරන්නෙ?"

" අනේ I'm so sorry cindy.මන් ඇත්තටම ඔයාව නෙවෙ hug කරේ"

"මාව නැත්තම් මගෙ හොල්මනවද?"

" නෑ නෑ සින්ඩි මම ඇත්තටම හිතුවෙ මගෙ gf  ආවෙ කියලා.ඔයා කියලා දැනන් හිටියෙ නෑ"

" gf " cindy එකපාරටම හිනාවෙන්න ගත්තා......." gf කොයි කෙනාද?ඔයාට දවසින් දවසට එක එක gfලනෙ ඉන්නෙ" සින්ඩි හිනාවෙන ගමන්ම කිව්වා.

" අයිගෝ සින්ඩි,මම මෙයාට ඇත්තටම ආදරේ කරනවා.ඔව් ඉතින් මන් අනිත් අයත් එක්ක ජොලියට යාලු වෙලා හිටියට මන් මෙයාට ඇත්තටම ආදරෙයි"

"අනේ උබේ ආදරේ.මන් දන්නෙ නැද්ද.......කොයි වෙලෙත් කෙල්ලෙක් පස්සෙන්මයි.තමුසෙ කෙල්ලො කීදෙක්ටනම් ඔහොම කිව්වද.අද මේ කෙල්ලට ආදරෙයි කිව්වට හෙට තව කෙල්ලෙක් එක්ක යයි එයාට තමයි ඇත්තටම ආදරේ කියගෙන.බොරු කරන්නෙ නැතුව ඔය කෙල්ලටවත් පාඩුවෙ ඉන්න දෙනවා."

" සින්ඩි ඔයා විශ්වාස කරත් නැතත් මට කමක් නෑ.එයත් මට ආදරෙයි,මාත් එයාට ආදරෙයි.ඔයාට ඔච්චරටම අවිශ්වාසනම්,එයා ආපුවාම ඔයාම එයාගෙන් අහන්නකො."

𝐇𝐢𝐠𝐡 𝐬𝐜𝐡𝐨𝐨𝐥 𝐥𝐨𝐯𝐞 [COMPLETE ]Where stories live. Discover now