Chapter 27 💜

805 111 97
                                    

time past (6 p.m.🕕)

lee yoon ක්ලාස් එකෙන් වේලාසනින් පැන්නෙ hyunsik ගෙ ගෙදරට යන්න.එයා ගෙදරට යද්දිත් hyunsik areum එලියට යන්න ලෑස්ති වෙලා හිටියා.

" අම්මො දැන් ඔයත් මෙහෙමයි නේ පදිංචිය " areum කින්ඩියට වගේ හිනා වෙන ගමන් කිව්වා.

" ඇයි එයාට මෙහෙට එන්න ඔයාගෙන් අවසර ගන්න ඕනද " hyunsik කියන ගමන් areum ඔලුවට ගැහුවා. " ආ අර ඔයාගෙ කොල්ලත් එන්නෙ " ඒ එක්කම බයිසිකලේ පැදගෙන ආව යුන්ගි දිහා බලාගෙන hyunsik කිව්වා. යුන්ගි ඒ තුන් දෙනාවත් ගනන් ගන්නෙ නැතුව ගේ ඇතුලට ගියෙ එයාගෙ ගෙදරට යනවා වගේ.ඒක දිහා තුන් දෙනාම බලන් හිටියෙ කට ඇරගෙනම.

" මූ යකෝ.ඇතුලට ගියෙ හරියට උගෙ ගෙදර වගේනෙ " hyunsik ඇස් දෙකත් ලොකු කරගෙන කිව්වා.

යුන්ගි ගේ ඇතුලට ගිහිල්ලා සෝෆා එකෙ කකුලක් පිට කකුලක් දාගෙන ඉදගත්තා.

" මොකෝ ඔතනට වෙලා ඉන්නෙ ඇවිල්ලා ඉද ගන්න " යුන්ගි අර තුන් දෙනාගෙ පැත්ත හැරිලා කිව්වා.

" ආ කමක් නැද්ද මහත්තයා.මේක ඔයාගෙ ගෙදරනෙ " hyunsik යුන්ගි ගෙන් ඇහුවා.

" අයියෝ මොනාද බං කියවන්නෙ එනවකො ඕයි............."

areum lee yoon එක්ක ඇවිල්ලා අනිත් සෝෆා එකෙන් ඉදගත්තා.

" ආ ඉදගත්තෙ මොක්ද ගිහිල්ලා කෑම ගේන්න "

" අද උයලා නෑ.අපි මේ එලියට යන්න හැදුවෙ කන්න " hyunsik yoongi ගෙ පිටිපස්සෙන් හිටගෙන අත් දෙකත් බැදගෙන කිව්වා.

" යා..........අද රෑට බඩගින්නෙද ඉන්න වෙන්නෙ " යුන්ගි මූනත් තැලිච්ච කජු ලෙල්ලක් වගේ හදාගෙන කිව්වා.

" ඉතින් කොහෙන් හරි කඩෙකින් ගිහින් කනවා "

" මේ hyunsik කොහෙන් හරි කඩේකින් කන්න ඕනෙ නම් මෙහෙ එන්නෙ නෑනෙ " hyunsik දිහා තරහෙන් බලලා එක පාරටම areum lee yoon දිහා බලලා " කෙල්ලො නේද ගිහිල්ලා කෑම ටිකක් හදනවකො " කියලා කිව්වා.ඒක කිව්ව ගමන් areum ටයි lee yoon ටයි හොදටම තරහ ගියා.අරෙයුම් බනින්න කටගද්දිම lee yoon එයාව නැවැත්තුවා. hyunsik ලගදි යාලු උන නිසා lee yoon කියන හැමදේම කරනවා.ඒක නිසා lee yoon " අනී හ්‍යුන්සික් හැමදාම girls ලනෙ කෑම හදන්නෙ.අද ඔයාලා හදන්නකො.............වෙනසකටත් එක්ක " අසරණ බැල්මක් දාලා කිව්වා.hyunsik ව මෝහනය කරලා වගේ lee yoon දිහා බලන් ඉදලා එක පාරටම " හා හා අපි හදන්නම් " කිව්වා.hyunsik එහෙම කිව්ව ගමන් yoongi hyunsik දිහා බැලුවෙ බැදලා කනවද අමුවෙන් කනවද වගේ😂.

𝐇𝐢𝐠𝐡 𝐬𝐜𝐡𝐨𝐨𝐥 𝐥𝐨𝐯𝐞 [COMPLETE ]Where stories live. Discover now