Chapter 33💜

617 95 106
                                    

~~~~මාස දෙකකට පසු ~~~~

cindy  pov........

හැමෝම සති දෙකකට කලින් high school finale exam එක ලිව්වා.ඒකෙ ප්‍රතිපලත් ඊයෙ ආවා.අද තමා අපි  කට්ටියම ස්කෝලෙන් හම්බවෙන අන්තිම දවස.ඒක නිසා අපි ප්ලෑන් කලා ලොකු පාටියක් දාන්න.ඇත්තටම මට තාම හිතාගන්න බෑ අදින් පස්සෙ ආයෙ ස්කෝලෙ එන්න හම්බවෙන්නෙ නෑ කියලා.ස්කෝලෙ එන කාලෙනම් එන්න චුට්ටක් විතර කම්මැලි නම් උනා.ඒත් දැන් කරපු පිස්සු වැඩ මතක් වෙද්දි දාලා යන්න හිතෙන්නෙ නෑ.ඉස්සර කට්ටිය කොච්චර ප්ලෑන් ගහලා නසරානි වැඩ කලාද.ඒත් අදින් පස්සෙ ඒවා කරන්න වෙන්නෙත් නෑනෙ.හරි හරි අද ඉතින් පාටි හින්දා අපි තීරණේ කලා උදෙන්ම එන්න.මන් නම් ඉතින් හැමදාම ස්කෝලෙට පලවෙනියටම එනවනෙ.ඒත් කොහෙද අර අනිත් නෝන මහත්වරු ටිකට වෙලාවක් නෑනෙ.ප්‍රින්සිපල්ගෙ පුතා වෙච්ච අර මින්හොත් එන්නෙ ස්කෝලෙ පටන් ගන්න ඔන්න මෙන්න තියලා.ඉතින් අනිත් උන් ගැන කතා කරලා වැඩක් නෑනෙ.ඒත් අපේ කුරුලු ජෝඩුව lee yoon hyunsik  නම් ටික කාලෙක ඉදන් උදේට උදේට එන්න ගත්තා.එයාලව හම්බවෙන්න ඕන නම් ස්කෝලෙ තාප්පෙ ලගට තමා යන්න ඕනා.එයාලට බාධා කරන්න ඕනෙ නෑනෙ.ඉතින් මන් ක්ලාස් එකට ආවා.ඒත් ආපු ගමන්ම මන් දැක්ක දෙයින් කට නිකන්ම ඇරුනා.අපේ joong hi , arie උදෙන්ම ස්කෝලෙට ඇවිත්.මේ දෙන්නාව උදෙන්ම ස්කොලෙදි දකිනවා කියන්නෙ ලෝක පුදුම හත දැක්කා වගේ තමා.හැමදාම අන්තිමට එන දෙන්නා අද උදේම ඇවිත්.ඒ දෙන්නත් කතා කර කර ඉදලා එක පාරටම මගෙ පැත්තට හැරුනා.

" ඒ සින්ඩි මොකද ඔය කට ඇරගෙන.මැස්සො යයි බලාගෙන " අරීත්  පන්තිය දෙවනත් වෙන්න කෑගහලා දෙන්නත් එක්කම හිනා වෙන්න ගත්තා.මාත් එයාලා ලගින් ගිහින් වාඩි උනා.

" නෑ මට අදහගන්න බෑ.හැමදාම පරක්කු වෙන ජෝඩුව අද කලින්ම ඇවිත් ඉද්දි කවුද දෙයියනේ පුදුම නොවෙන්නෙ "

" ආ අද වගේ දවසකවත් උදෙන් එන්න බැරි නම් කිසි වැඩක් නෑනෙ "

" මේ ඒක නෙවෙ කො අනිත් කට්ටිය "

" ම්ම්........seongi ගියා නම්ජුන් එක්ක library  එකට.jin අග්‍රාවත් ඇදගෙන බලෙන්ම කැන්ටින් එකට ගියා.මොකක් හරි දේකට සතුටින් වගේ ගියෙ.එතකොට අපේ කුරුලු ජෝඩුව නම් අනිවා තාප්පෙ අයිනෙ ඇති.ආ geo eun මින්හො පස්සෙන් ගියා මොකද කරන්නෙ බලන්න.එතකොට   අපේ පූස් කොල්ලා  අන්න අතන මේසෙ බදන් නිදි.එතකොට ටේ ගියා කැන්ටින් එකට අපිටත් එක්ක මොනා හරි අරන් එන්නම් කියලා.ලියො තාමා ආවෙ නෑ.ආ කුකීත් අර කම්මුලට අත ගහගෙන ඉන්නෙ.එතකොට ජිමින්.........ආ එයා මේ නෑ මන් දන්නෙ නෑ එක්කො...." අරී කියන් ගිය එක නවත්තපු එකෙන්ම මට තේරුනා මොකක් හරි  කුන්ඩවාලයක් තමා කියලා.

𝐇𝐢𝐠𝐡 𝐬𝐜𝐡𝐨𝐨𝐥 𝐥𝐨𝐯𝐞 [COMPLETE ]Where stories live. Discover now