Hyunsik lee yoon වත් උස්සගෙන sikroom එක්ට අරන් ගිහින් ඇදක් උඩකින් තිබ්බා.
" ආ.......මට මේක කරගන්න පුලුවන්" lee yoon බැන්ඩේජ් එකකුත් අතින් අරගෙන කිව්වා.
" අනේ ඔය පුලුවන් හින්දා කටගත්තෙ.මෙහෙ දෙනවා ඕකත් අනාගන්නෙ නැතුව" බැන්ඩේජ් එක උදුරන ගමන් කිව්වා.
" මන් කිව්වනෙ මට මේක කරගන්න පුලුවන්.ඔයා දැන් ඕක මට දීලා යන්න."
" කටවහගෙන ඉන්නවා.නැත්තම් ඔයාගෙ කටටත් plaster එකක් අලවනවා."
"ඔයා නම් ari ටම ගැලපෙන අයියා "
" ඒ මොකද ඒ " hyunsik හිනාවෙන ගමන් කිව්වා
" ඒකිටත් දෙයක් ඕන උනොත් ඒක කොහොම හරි ගන්නවා.උබත් එහෙමනෙ "
" ආ...... ඔව්.අපි එහෙම තමා"
" ආ ඒක නෙවෙ ලගදිම jake උබෙ මස්සිනා වෙයි වගේ"
" අඩේ......ඒ තරම් සෙට්ද "
" ඔව් " lee yoon පුංචි හිනාවක් දැම්මා.
ටික වෙලාවකට පස්සෙ lee yoon ට ටික ටික ඇවිදගන්න පුලුවන් වේගෙන ආවා.එයා hyunsik ගෙ අතත් අල්ලන් එලියට ආවා.ටිකක් දුර යනකොට lee yoon එකපාරටම hyunsik ගෙ shirt එකෙන් ඇදලා අරන් පොඩි කිස් එකක් දීලා දිව්වා.hyunsik ට උන්නහිටපු තැන් අමතක වෙලා ගියා.lee yoon ට අඩි දහයක්වත් යාගන්න බැරි උනා.එයා ආයෙත් ඇදගෙන වැටුනා.
" ආ................ව්" lee yoon කෑගැහුවා.
hyunsik එයා ගාවට එන්න යද්දිම areum එයා ගාවට ආවා.
" අනේ lee yoon මොකද්ද උනේ,එන්න අපි ක්ලාස් එකට යමු." කියන ගමන් areum lee yoon වත් අරගෙන ක්ලාස් එකට ගියා.
lee yoon නොන්ඩි ගගහ එනවා දැක්ක ගමන්ම aro joong hi නැගිට්ටා.
" ඒ මොකද උනේ 😳" aro එකපාරටම ඇහුවා.
" library එක සුද්ද කරන්න ගිහින් ස්ටූල් එකකින් වැටුනා." lee yoon පුටුවෙන් ඉදගන්න ගමන් කිව්වා.
" අපේ අයියා මොකද ඔයා එක්ක කලේ" areum එක පාරටම එයාගෙන් ඇහුවා.
" ආ එයාද.එයා තමයි මට බෙහෙත් දැම්මෙ"
" මොකක්" areum හිනා වෙන්න ගත්තා." අපේ එකා වෙන කෙනෙක්ට බේත් දැම්මා.අද ඉර පැව්වෙ කොයි පැත්තෙන්ද බලන්න " areum දිගටම හිනාවෙන්න ගත්තා.
YOU ARE READING
𝐇𝐢𝐠𝐡 𝐬𝐜𝐡𝐨𝐨𝐥 𝐥𝐨𝐯𝐞 [COMPLETE ]
Fanficසහෝදරත්වයෙන් බැදුන චණ්ඩි කෙල්ලො සෙට් එකකට හම්බවෙන දගම දග කොල්ලො සෙට් එකක්..........රණ්ඩු අතරින් හිනා වෙන පිස්සු කොල්ලො කෙල්ලො සෙට් එකක්........ජීවිතේ ඉරණම් පොතේ ලියවුනු නම් වෙනුවෙන් බලා ඉන්න මේ කට්ටියගේ කතාව කොහොම වේවිද.කියවලම බලන්නකෝ............ s...