Joong hi : අනේ බං අරුන්ටනම් කියන්න එපා.අනික මම ගියෙත් yeonjun ව හම්බෙන්න.ආ ඒක අමතක කරන්නකො,මේ ටේ මන් ඉස්සරහ hyunsik ට call කලා.එයාට කිව්වා සති දෙකක් බලන් ඉන්න බෑ ඉක්මනට වැඩේ කරන්න කියලා,ඒක කිව්වෙත් මගේ මූන දිහා හොරෙන් බල බල.
geo eun : areumගෙ මාර්ගෙන් තමයි දැන ගන්න වෙන්නේ.පොඩ්ඩක් ඉන්නවා පොඩ්ඩක් ඉන්න්වා 🤨ටේට කොහෙන්ද phone එකක්,එයාගෙ එක තාත්තා ගාවනේ.
joong hi : අපෝ බං උබටත් ඕනෙ නැති දෙයක් නෑනේ.
geo eun : කියපන් උබේ phone එක දුන්නා නේ.
joong hi : පි....පිස්සුද එයා කතා කලේ yeonjun ගෙ phone එකෙන්.
geo eun : එහෙනම් phone එක දෙනවා.
( joong hi phone එක දෙන්නෙ නැති නිසා geo eun phone එක උදුරලා ගත්තා.)
geo eun : හා.....මේ තියෙන්නෙ උඩින්ම park hyun sik කියලා.උබට මම ඇත්තමයි.......................
(joong hi phone එකත් අරගෙන පැනලා දිව්වා.)
_________________________________________
hyun sik : මේ මට දැන් ටේ කතාකලේ joong hi ගෙ phone එකෙන්.එයා කිව්වා එයා එනකම් ඉන්න එපා.අපිට වැඩේ කරන්න කියලා.අපි ඉක්මනට ඔය කෙල්ලො සෙට් එකට වැඩේ දෙන්න ඕනා.
min hoo : මේ බං උබ කිව්වෙ joong hi ගෙ phone එකෙන් ගත්තා කියලා නේ.උබට කොහෙන්ද එයාගෙ number එක.
hyunsik : ආ මන් ගාව ඒ සෙට් එකේම numbers තියනවා.
min hoo : යකෝ උබ මට කිව්වෙත් නෑ.
hyunsik : තොට මොකටද මම කියන්නෙ.
min hoo : අනේ බං numbers ටික දියම්කො.
hyunsik : ඒ..ඒ මොකටද..........
min hoo : කටවහගෙන ඕක දියම්.
hyunsik : අනේ ඇත්තමයි.මට හිතාගන්න බෑ උබ ප්රින්සිපල් කෙනෙක්ගෙ පුතෙක්ද කියලා.ආ ගනින්.
( jk ඉතින් පැත්තකට වෙලා guiter එක ගහනවා.ඒකට ඉතින් වටේ ඉන්න කෙල්ලො ඔක්කොම මෝහණය කරලා වගේ වට වෙලා බලන් ඉන්නවා.)
suga : ඕයි හාවෝ මෙහෙ එනවා.කැරට් පුදන්න ඕනද ගෙන්න ගන්න.
( jk දුවගෙන ආවා.)
rm : මේ සැරේ ප්ලෑන් එක මම කියන්නම්.වෙන සැර වල උබලා කියලා ගුටිකාගෙන ආවේ.මේකයි ප්ලෑන් එක ඔක්කොම එක සැරේ අල්ලන්න ගියොත් තමයි බලය වැඩි.එක්කෙනා එක්කෙනා ගානේ නැත්තම් දෙන්නෙක් හිටියත් අවුලක් නෑ.මම හෙට වැඩේ කියන්නම්.මම මොනිටනෙ ඒ හින්දා මම කියන්නම් අර අපේ ඉස්කෝලෙ පිටි පස්සට දෙන්නෙක්ට එන්න කියලා,තව දෙන්නෙක්ට පාරට,තව දෙන්නෙක්ට garden එකට.
jk : ඒත් කෙල්ලො 9යි.කොල්ලො 8යි.අඩුම තරමේ කෙල්ලො 2ක්ට කොල්ලො 2ක්වත් යන්න එපෑ.කාටහරි ගුටිකන්නම වෙනවා
joong hi ගැන මන් බලාගන්නම්.කියලා කවුද කිව්වා.බැලින්නම් tae.කට්ටිය පුදුම උනා.
jk : ටේ කොහොමද ඔයා ආවේ.තාත්තා දන්නවද
tae : පිස්සුද බං.ජනේලෙන් පැනලා ආවේ.yeonjun යටින් ඉනිමග තිබ්බා😂
jin : මරු උබත් නම්
tae : joong hi ගැන මන් බලාගන්නම් උබලා අනිත් අය ගැන බලාගන්න.ඔය නසරාණි කෙල්ලො ටිකට මේ සැරේ හොද පාඩමක් උගන්නමු.
hyunsik : ඒ min hoo උබ අර කෙල්ලන්ගෙ numbers ගත්ත එකෙන් දැන් වැඩක් ගන්නවා.😂
_________________________________________( දෙන්නා දුවගෙන බේකරිය ගාවට ආවා.)
geo eun : මෙන්න අද මගෙ අතටම අහුඋනා ටේගේ ගෙදරට රිංගනවා.ඒ මදිවට අද phone එකත් දීලා.
seongi : යකෝ උබ phone එකත් දුන්නද😳
joong hi : මේ ඒක නෙවේ.ari උබලගෙ අයියට ටේ කිව්වා ඉක්මනට වැඩේ දෙන්න කියලා.ඒක කිව්වෙ මන් දිහා හොරෙන් බල බල පොඩ්ඩක් ඒක ගැන හොයලා බලන්න.
areum : හා හා.......
(එකපාරටම geo eun ට call එකක් ආවා)
geo eun : මේ කවුද දන්නෙ නැති number එකක්
agra : answer කරලා බලපන්.
geo eun : hello කවුද මේ
min hoo😂: ආ බබා මේ මමනේ
geo eun : මොන බබෙක්ද,කවුද තමුන්.තමුසෙට කොහෙන්ද මට බබා කියන්න හයියක් 😠කවුද කියනවා...............
min hoo : අයිගෝ බබා ඇයි ඔච්චර කේන්ති ගන්නේ.මේ මමනෙ
geo eun : ඇයි තමුසෙට නමක් නැද්ද.මම මම ගන්නෙ
min hoo : හෙට ground එකට එන්නකො.එතකොට මම කවුද කියලා බලාගන්න පුලුවන්.
geo eun : මොකක් hello hello
lee yoon: ඇයි මොකෝ
geo eun : මොකෙද්ද හාල්පාරුවෙක් කතාකරලා බබා බබා ගානවා.හෙට ground එකට එන්නලු කවුද කියලා බලන්න.
lee yoon : ඉතින් ඔයා යනවද
geo eun : ඔව් ගිහිල්ල හොදට නෙලලා එනවා 😤
agra : ඉදපන් මාත් එනවා.
( ඒත් min hoo මෙහෙම කරපු එක ගැන කොල්ලො ටික දැනගෙන හිටියෙ නෑ.කොහොමත් එයාට තරහත් පිටකරගන්න ඕනා උනානේ)
_________________________________________
YOU ARE READING
𝐇𝐢𝐠𝐡 𝐬𝐜𝐡𝐨𝐨𝐥 𝐥𝐨𝐯𝐞 [COMPLETE ]
Fanfictionසහෝදරත්වයෙන් බැදුන චණ්ඩි කෙල්ලො සෙට් එකකට හම්බවෙන දගම දග කොල්ලො සෙට් එකක්..........රණ්ඩු අතරින් හිනා වෙන පිස්සු කොල්ලො කෙල්ලො සෙට් එකක්........ජීවිතේ ඉරණම් පොතේ ලියවුනු නම් වෙනුවෙන් බලා ඉන්න මේ කට්ටියගේ කතාව කොහොම වේවිද.කියවලම බලන්නකෝ............ s...