Chapter 34💜( last chapter) pt.1

575 104 75
                                    

"නෑ ඔයා කියන්නෙ බොරු.....ඔයා හැමදාම කරේ මගෙ දේවල් උදුරගන්න එක.මම කොහොමද ඔයාව විශ්වාස කරන්නෙ ඔයාලා ඔක්කොම කියන්නෙ බොරු.ටේ එහෙම දෙයක් කරන්නෙ නෑ.......ඔයාලා කියන්නෙ බොරු" ජුන් හි බිම ඉදන් අඩන්න ගත්තා.

" මේ අහන්න ජුන්හි ඔයාට මාව විශ්වාස නැද්ද.මන් ඔයාගෙ  පොඩි කාලෙ ඉදන් යාලුවා.මම ඇස් දෙකෙන් දැක්ක දේයි මන් කිව්වෙ.ඒ වගේම ඔයා දන්නවනෙ මන් කවදාවත් yoon eun ව විශ්වාස කරන්නෙ නෑ කියලා.ඒත් එයා කියන්නෙ ඇත්ත ජුන්හි.ටේ ඔයාට ආදරේ කලේ ඇත්තටම නෙවෙ." සින්ඩිත් එතන ඉදගෙන කිව්වෙ එයාගෙ අත් දෙකෙන්ම ජුන්හිගෙ මූන අල්ලගෙන.

"ඇති හොදටම ඇති ඔයාලා කියන්නෙ බොරු.ඔයාලා හැමෝම කියන්නෙ බොරු.මට ඕනෙ නෑ ඔයාලා කියන දේ අහන්න.ඔක්කොම බොරු කාරයො "

" ජුන් හි මේ අහන්න "

" නෑ මොකුත් කියන්න එපා සින්ඩි මොකුත්ම කියන්න එපා.ඔයාලා කියන්නෙ බොරු.........."

" ජුන් හි දැන් හොදටම ඇති.ඔයා පව් නිසයි මෙච්චර වෙලා හොදින් කතා කලේ.ඒත් ඔයා මුරණ්ඩු නම් මට කරන්න දෙයක් නෑ.ඔයා මේක පිලිගත්තත් නැතත් ටේ ඔයාට ආදරේ කලේ නෑ.එයා බොරු කාරයෙක්.වංචාකාරයෙක්..........."

ඒ එක්කම සින්ඩිට ගහන්න අත උස්සපු ජුන් හිව නතර කලේ ජිමින්................

" ජුන් හි දැන් නවත්තන්න.ඔයා ඔයාගෙ යාලුවටද අත උස්සන්නෙ.සින්ඩි එකම දේ කියන්න ඇත්ත නිසානෙ.ඔයා ඒක හොදටම දන්නවා.මොකද මේ ඔයාගෙ පොඩි කාලෙ ඉදන් යාලුවා.ටේ කියන්නෙ මගෙ යාලුවා.ඒත් අද මන් ඉන්නෙ සින්ඩිගෙ පැත්තෙ.මොකද මේ වෙලාවෙ ටේගෙ හැසිරීමෙන්ම කියන්න පුලුවන් සින්ඩි කියන්නෙ ඇත්ත කියලා.පේන දේ විශ්වාස කරන්න ජුන් හියා " ජිමින් එක්කම හැමෝම එතනට ඇවිල්ලා හිටියා.හොබී ලියො ඇරෙන්න.කට්ටියටනම් වෙච්ච දේ ගැන හිතාගන්න බැරුව ඉන්නෙ.

" ජුන් හි ටේගෙන් ඈත් වෙන්න " යුන්ගි කිව්වෙ ගොඩක් කනස්සල්ලෙන්.

" හ්හ් මන් මොකටද විශ්වාස කරන්නෙ.පොඩි කාලෙ ඉදන් මගෙ දේවල් උදුරගත්ත yoon eun කියන දේද විශ්වාස කරන්න කියන්නෙ."

" මෙයාට කියලා තේරුමක් නෑ.එයා විශ්වාස කරන්නෙ අර වංචාකාරයවනෙ "

𝐇𝐢𝐠𝐡 𝐬𝐜𝐡𝐨𝐨𝐥 𝐥𝐨𝐯𝐞 [COMPLETE ]Where stories live. Discover now