Chapter 15💜

848 131 51
                                    

අග්‍රාට හිටගෙන ඉන්නවත් පණ නැති උනා.එතන තිබ්බ බිත්තියට එයා ඉබේම හේත්තු උනා.ඒ එයා ගොඩක්ම වෛර කරපු කොල්ලො සෙට් එකේ කෙනෙක්ම එයාට ආදරෙයි කියපු නිසා.අග්‍රා ජින් දිහා බලන් හිටියෙත් කන්න වගේ.

"අග්‍රා මන් දන්නෙ නෑ ඔයා මට ඇත්තටම කැමති වෙයිද කියලා.ඒත් මන් ඔයාට ටික කාලෙක ඉදන් ආදරේ කරන්න පටන් අරන්.මට මේක තවත් හංගන් ඉන්න බැරි නිසයි කිව්වෙ.ඔයා මොනා හරි කියන්නකො."

අග්‍රාට ඒ වෙලාවෙ මොකුත්ම කියාගන්න බැරි උනා.ඇත්තටම එයාගෙ කටින් වචන ආවෙ නෑ.එයා එක පාරටම jin වත් තල්ලු කරගෙන එතනින් දිව්වා.

_________________________________________

morning

එදා උන සිද්දියෙන් පස්සෙවත් සුගා areum ගැන හිතන එක අතඇරියෙ නෑ.එයා හැමතිස්සෙම වගේම areum එක්කම ඉන්න ට්‍රයි කලා.ඒත් ඉතින් areum වැඩියෙ සුගා එක්ක ඉන්නෙ නෑ බොරුවක් කියලා හරි එතනින් යනවා.areum ටත් තේරුනා සුගා කොහොමත් තාම එයාට කැමති කියලා.ඒ නිසා areum හැමවෙලාවෙම සුගාව මග අරිනවා.

★class★

කට්ටිය සාමාන්‍ය විදියට ක්ලාස් එකේ හිටියා.කෙල්ලො ටික වෙනමයි කොල්ලො ටික වෙනම කල්ලි ගැහිලා කියව කියව හිටියා.කොල්ලො ඔක්කොම කිව්වට ඔක්කොම නෙවෙ සුගාගෙ අවදානය තිබ්බෙ areum දිහාට,කොයිවෙලෙත් එයා දිහාම බලන් හිටියෙ.හැමවෙලාවෙම areum ඒ පැත්ත බලද්දි සුගා එයා දිහා බලන් ඉන්නවා එයා දැක්කා.සුගා බලන් ඉන්න විදියට areum ට හිනාත් යනවා.

" හායි ගායිස්" yeonjun තව කොල්ලෙක් එක්ක අතින් අල්ලගෙන ක්ලාස් එකට ආවා.

"ආ අලුත් යාලුවෙක් වගේ.yeonjun අපිට එයාව අදුන්වලා දෙන්නෙ නැද්ද"areum සුගා දිහා හොරෙන් බල බල කිව්වා.

" මෙයාගෙ නම jake.මට මෙයාව හම්බුනේ swimming වලින්.අපි දෙන්නා එකට තරග වලටත් ගිහිල්ල තියනවා.jake ඔයාම එයාලට කියන්නකො"

jake ගෙ අවදානෙ තිබ්බෙ areum ට.එයාට yeonjun කියපු දේවත් ඇහුනෙ නෑ.areum දිහා බලන් හිටියා.

" jake jake..........."yeonjun කෑගහද්දි jake ගැස්සිලා ගියා." ඔයා මෙයාලට ඔයා ගැන කියන්න"

" මම මොනා කියන්නද ඔයා ඔක්කොම කිව්වනෙ.මට කියන්න තියෙන්නෙත් මගෙ නම jake.මම අදයි ඉතින් ඉස්කෝලෙට ආවෙ."

𝐇𝐢𝐠𝐡 𝐬𝐜𝐡𝐨𝐨𝐥 𝐥𝐨𝐯𝐞 [COMPLETE ]Where stories live. Discover now