හතරවන දිගහැරුම .......

3.6K 613 89
                                    

ශාන් හෙමිහිට රැගෙන ආ බඩු මල්ලත් රැගෙන මුලුතැන්ගෙයට ඇතුලුවූයේ විපරමින් වටපිට බලමින් ය...

" අද අන්න යූඊ මැඩම් අර කුන්ඩවාලෙත් එක්ක ඇවිත් ශාන්..."

ෂූයී නැන්දා ශාන්ට පමණක් ඇසෙන්නට කීවේය..ඇය පවසන්නේ යීබෝ සර්ගේ අක්කා ඔවුන්ගේ ලොකු මාමාගේ දුව වන යුන් මී වද රැගෙන විත් ඇති බවයි...

"ආ... පූ... . අදවත් කෑලි ටික වහගෙන ඇවිත් ද  .. "

ශාන් එසේ ඇසුවේ යුන් මී යනු තනිකරම නිරුවත් ව සිටින්නට කැමති චරිතයක් නිසාවෙනි...

" හපූ බලන්න කැතයි.. චූටි මහත්තයා මූණටම බැන්නා... ඇදුම් ගැන කියලා ...."

"එයා නං ඉතින් බැනගත්තු ගමන්නේ..."

ශාන් ගෙනා බඩු ටික මේසේ උඩින් තබා එකින් එකින් එක නියමිත ස්ථාන  වල තැබුවේ ෂූයී නැන්දා කාර්‍ය බහුල නිසාවෙනි... යූඊ මැඩම් හා යුන් මී දෙදෙනාත් රාත්‍රී ආහාරයට නවතින බවක් ශාන්ට දැනුනි...

" ආහ්.... අපේ අම්මගේ හුරතල් කොලු පැටියා.... මොකෝ සද්දයක් නැත්තෙ බැලුවා..  "

යූඊ එසේ පවසාගෙනම මුලුතැන්ගෙට ඇතුලුවිය...ශාන් බිම ඇනතබාගෙන පහත කැබිනට්ටුවක යමක් අසුරමින් සිටියේය.... ඉක්මනින් නැගිට ඇයට ආචාර කලේ ඊලඟ තවත් කටකැඩුනු කතාවක් අහන්නට අකමැති නිසාවෙනි...

" මගෙ කාර් එකේ බඩු වගයක් ඇති ඒ ටික චූටි මහත්තයගෙ කාමරෙන් ගිහින් දාන්න..."

මැඩම් යූඊ

කාර් එකේ යතුර මේසෙ උඩින් තබා ඇය යන්නට ගියාය...

" යීබෝ සර් කාමරේද නැන්දේ..."

ශාන් යතුරත් අතට ගෙන අසරණව ඇසීය..

" හ්ම්ම්ම් .."

ශාන් මුලුතැන්ගෙය පැත්තෙන්ම මිදුලට ගොස් ඇයගේ රතුපැහැති කුඩා 🚗 විවෘත කර එහි තිබූ බෑග් දෙකක් අතට ගත්තේය... මුලුතැන්ගෙය පැත්තෙන්ම ගොස් උඩුමහලට හෙමින් හෙමින් ගොඩවී යීබෝගෙ කාමරය අසල නතරවී හොද හුස්මක් ගෙන දොරට තට්ටු කලේය...

" කවුද.... "

ඊටවඩා හොදයි කනට ගැහුවනම්... ශාන්ට සිතුනි..

stubborn love (Yizhan ff.... Complete  )Where stories live. Discover now