🌞 🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞
කෙතරම් බීමත්ව නින්දට ගියත් හිරු නැගීමට පෙර සුපුරුදු වේලාවට යීබෝ අවදිවිය... තමන් සිටින්නේ ශාන්ගේ නිරුවත් පපුව මත බව දෑස් හැර විනාඩි කිහිපයකින් ඔහුට අවබෝධ විය... යලිත් දෙනෙත් පියාගෙන ඒ උණුසුම විදිමින් යීබෝ කල්පනා කරන්නට වූයේ පෙරදා රාත්‍රියේ ඔහු ශාන් ඉදිරියේ සියලුම රහස් හෙලිකලේද යන්නයි... නැත ඔහු එතරම් අසිහියෙන් සිටියේනැත... ඔහුගේ සිතට සැනසිල්ලක් දැනුනි... තවත් ටිකවේලාවක් ඒ පපු මත මුහුණ හොවාගෙන සිටි යීබෝ හෙමීන් ඒ මත හාදු තවරන්නට වූයේ ශාන්ව අවදිකරන්නට සිතාගෙනයි....
දෙතොල් වල සීතලට සෙමින් සෙමින් දෑස් විවරකරන ශාන් දෙස ආශාවෙන් බලාගෙනම යීබෝ ඒ පපුමත සියුම්ම ස්තානය හෙමින් උරන්නට විය... එක්වරම දැනුනු ඒ කිතියෙන් ශාන් සම්පූර්ණයෙන් ම අවදිවිය.... දෑස් විසල් කර යීබෝ දෙස බලාසිටින්නට වූයේ අවදිවූ වහාම නිසාවෙන් කිසිවක් සිතාගත නොහැකිවයි ... යීබෝ සිනාසෙමින් ශාන් දෙස බලා කතාකරන්නට විය .
" ඔන්න මම නං බෙඩ් ටී එක ගත්තා... ඔයාටත් දෙන්නද ...."
ශාන් රතුවී ගියේ තත්ත්පර කිහිපයෙනි....
" යනවා යන්න බෝදි.. ඊයෙ බීලා බීලා මෙතන මට යන්න දුන්නෙත් නෑ රෑ... දැන් මැඩම් හරි ෂූයී නැන්දා හරි දැක්කොත් වස ලැජ්ජාව... මෙතන එනවා කුක්කු පොවන්න....."
යීබෝ සිනාසෙමින් මදක් ඉහලට විත් ඒ දෙතොල් මත සියුම් හාදුවක් තියා
" අයියෝ ඉතින් මොකද වෙන්නෙ .. ඊයෙ වැඩි වෙලා ආපු නිසා වොමිට් කරයි කියන බයට මගේ ලඟ නිදාගත්තා කියන්න."
යැයි පවසමින් යලිත් ශාන්ව තුරුළු කරගෙන දෑස් පියා ගන්නට විය.
YOU ARE READING
stubborn love (Yizhan ff.... Complete )
Fanfictionඉරිතැලුනු මේ පොළොව මතට නොවී රුදු මේගයක්.... නිවා සනසාලන්න වන්න දිය බින්දුවක්