දාහතර වෙනි දිගහැරුම ..........

3.3K 524 95
                                    

🌞 🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞

ශාන්ට මූණ මතට උණුසුම් ස්පර්ශයක් දැනුන නිසාවෙන් හෙමින් හෙමින් ඔහුගේ දෑස් විවර විය... පාන්දර පහට අවදිවන පුරුද්ද නිසාවෙන් යීබෝ දැන් අවදිවී පැය භාගයක් පමණය... මේ වන තුරුත් ශාන්දෙස බලාසිටියේ උතුරායන සෙනෙහසක් පපුව තුල දඟකරද්දීය....
ඉවසාගැනීමටම නොහැකි වූ තැන හෙමින් ඒ කම්මුල් මතට පහත්වී හාදු තවරන්නට විය.....

",හ්ම්ම්ම්ම්ම්..... තාම පාන්දරනේ...... අනේ....... "

මේ ඉතින් ශාන්ගේ පුරුදු කම්මැලිකමයි... යීබෝගෙ බොත්තම් කිහිපයක් විවරවී තිබුනු ෂර්ට් එක අතරින් පෙනෙන සුදුපැහැති පපුවට මුහුණ හේත්තු කරගෙන ශාන් යලිත් දෙනෙත් පියාගත්තේය ..

 යීබෝගෙ බොත්තම් කිහිපයක් විවරවී තිබුනු ෂර්ට් එක අතරින් පෙනෙන සුදුපැහැති පපුවට මුහුණ හේත්තු කරගෙන ශාන් යලිත් දෙනෙත් පියාගත්තේය

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

" කම්මැලී බනී.... තව ටිකකින් ඩොක්ටර් එයිනේ රූම් එකට... ලෙඩ්ඩු පැටව් ගහලද බලයි ඇදේ......"

ශාන් තවත් ඒ පපුවට මත මුහුණ තියාගෙන දෑස් ඇරගෙන උන්නේය.. ඇත්තෙන්ම ඒ උණුසුමින් මිදෙන්නට ශාන්ට ලෝබ සිතුනි....

" බනී ඔයා ඇහැරලා ඉන්නේ.   නේද....  අයියෝ අපේ මමා ලෙඩ්ඩු බලාගන්න හාවෙක්ට බාරදීලා ගිහින් නේ... "

යීබෝ ඔහුගේ නිදහස් අතින් ශාන්ගේ කම්මුලක් මිරිකමින් සිනාසෙන්නට විය . 

" අත් දෙකම දැන් රිදෙනවා බනී... එකක මේ කටුවක් ගහලා අනිත් අත උඩ එලිවෙනකල් හාවෙක් නිදියලා.. . ඊලඟට කැඩුම් බිදුම් වෝඩ් එකට ට්‍රාන්සර් වෙන්න වෙයි වගේ....  "

ශාන් ඉක්මනින් ඒ උණුසුමෙන් ඉවත්වී ඇදමත වාඩිවිය....

" අනේ රිදෙනවද .   මාව එහාට තල්ලු කරලා අත නිදහස් කරගන්න එපැයි පාන්දර ....."

හෙමින් ඒ අත්දෙක අතගාන අතරම මුහුණත් අකුලගෙන ශාන් පැවසීය... යීබෝ හෙමින් ඒ තොල් මත පුංචි හාදුවත් තබා .  

stubborn love (Yizhan ff.... Complete  )Tempat cerita menjadi hidup. Temukan sekarang