ශාන් යීබෝව කොට්ටයෙන් හේත්තු කර ඔහු අසලින් ඉවත්වන්නට හදන විටම යීබෝ නිදහස් අත ශාන්ගේ බඳ වටා දමාගෙන ඒ ඇස් දිහා කෙලින්ම බලන්නට විය... නොසිතූ මොහොතක සිදුවූ මෙම සිදුවීම නිසා කලබල වූ ශාන් යීබෝගෙ ඇග මතට පතිතවිය... තත්ත්පර කිහිපයක් එසේ සිටි ශාන් ඔහුගෙන් ඉවත් වන්නට සූදානම් වූයේ ඒ තියුනු ඇස් මඟහරිමිනි.... අසනීපෙන් හිටියත් යීබෝගෙ ශක්තිමත් දෑතින් මිදෙන්නට ශාන්ට නොහැකි විය..... තවමත් ශාන් යීබෝ දෙස කෙලින් බැලුවේ නැත... ඒත් ඒ උණුසුමට නම් හිත හෙල්ලී පෙරලී යනු ශාන්ට දැනුනි...
" අහක බලාගෙන කොච්චර වෙලා ඉන්නද කල්පනාව...."
හිනාවක් නොමැතුවූවත් අද ඒ හඩ වෙනස් ය, මෘදුය, ආදරණීයය......
" සර්... මම.... මට..... මේ......"
" උදේ පාන්දරට හොරෙන් බලාගෙන ඉන්නකොට ඔය ලැජ්ජාව නෑ නේද...."
ශාන්ගේ දෙනෙත් යීබෝගෙ දෙනෙත් හා ගැටුනේ ක්ෂනයකින්ය... ශාන්ට පොළොවෙ පලාගෙන යන්නට හිතුනේය.... සියල්ල ඔහු දැක දැකත් නිහඩව සිට ඇත.....
" හ්ම්ම්ම්....මොනවද පාන්දරට ඒ කලේ.... මම එච්චර ලස්සනයිද බනී....."
" සර්.... මට .... සමා..... වෙන්න.... "
ශාන්ට වචන අහුවෙන්නේද නැති තරම් ය.... දැන් ඉතින් තවත් විදින්නට ලැජ්ජාවක් නොමැතිය....
" නෝ.... නෝ...ඒකට මගෙන් කිසිම සමාවක් නෑ බනීට ....."
ශාන් යලිත් දෙනෙත් විශාල කර යීබෝ දෙස බැලුවේය.... නමුත් ඒ හඩ දඩුවමක් කරන්නට තරම් දරදඩු නැත... තවමත් යීබෝගෙ ඇගට වැටී සිටින ශාන්...
YOU ARE READING
stubborn love (Yizhan ff.... Complete )
Fanfictionඉරිතැලුනු මේ පොළොව මතට නොවී රුදු මේගයක්.... නිවා සනසාලන්න වන්න දිය බින්දුවක්