ශාන් යීබෝ සමගින් නිවස තුල සෑම අස්සක් මුල්ලක් නෑරම ලිපිගොනුව සොයන්නට පටන් ගත්තේය ... නමුත් පැය තුන හතරක් ගත වූ පසුත් කිසිවක් සොයා ගන්නට නොහැකි විය .... ඒ වන විට සවස තුනත් පසු වී තිබුණි. අවසානයේ බලාපොරොත්තු සුන් වූ දෑසින් දෙදෙනාම සාලයේ ඇති කුඩා පුටු මතින් හිඳගත්තේ ය....ශාන් යළිත් නැගිට මවගේ අත්‍යවශ්‍ය ලිපිගොනු සඟවා ඇති එක් කැබිනට්ටුවක් විවෘත කළේය... යීබෝත් ඉතා උනන්දුවෙන් ඒ අසලින් වාඩි විය ... ඒ තුළ ෆයිල් විශාල සංඛ්‍යාවක් තිබුණු අතර රතුපාට ෆ්යිල් එකක් නිල් පාට පටියකින් ගැට ගසා තිබෙනු ශාන් දුටුවේය... ශාන් එය විවෘත කරන්නට සූදානම් වනවිට
" බනී... ඔයා ඉතුරු ටික බලන්න මම මේක බලන්නම්...."
යනුවෙන් පවසා යීබෝ එය අතට ගත්තේය ... ශාන් යළිත් ලිපිගොනු එකින් එක පරික්ෂා කරන අතර යීබෝ අතට ගත් ෆයිල් කවරයෙහි ගැටගසා තිබුණු පටිය සෙමින් ඉවත් කර එය විවෘත කළේය ....
එය ඔහු සොයන ලිපි ගොනුව ලිපිගොනුව නොවුනද එය ශාන් පිළිබඳව තොරතුරු ඇතුලත් ලිපි ගොනුවක් විය .. මෙම සැකය යීබෝට දැනුනු නිසාවෙනි ඔහු එය පරික්ෂා කිරීමට සූදානම් වූයේ ..එකින් එක ඒ තුල ඇති ලියවිලි කියවද්දී යීබෝගෙ පපුව තුල සියුම් වේදනාවක් ඇතිවිය...එවා යීෆෙයි නැන්දාගේ ගර්භණී සමයේ පරීක්ෂණ වාර්ථා මෙන්ම ශාන්ගේ උපත හා සම්බන්ධ වාර්ථා ද විය... තවත් වෛද්‍ය වාර්ථා කිහිපයක් එහි තිබුනු අතර ඒවා වෛද්‍ය වරයෙකු ලවා පරික්ෂා කලයුතු සංකීර්ණ වාර්ථා කිහිපයකි... යීබෝට දැන් මෙය රැගෙන යා යුතු වූවත් එය ශාන් දුටුවොත් ගැටලුවක් වේ යැයි සිතා ......
" බනී... දැන්නම් හරිම තිබහයි ... අපිට බොන්න වතුර වත් නැද්ද .. "
යැයි ඇසුවේය ....
" ඉන්න මම එහා ගෙදරින් අරගෙන එන්න ම්.... "
ශාන් ඒ සැනින් සියල්ල එතැනම තබා පිටවිය... යීබෝ ඉක්මනින්ම ඒ ලිපි ගොනුව රැගෙන වාහනයේ ආරක්ෂිතව තැන්පත් කළේය ... පසුව වෙනත් එම පැහැයෙන් යුතු ලිපිගොනුවක් එතනින් තබා කිසිවක් සිදු නොවූ ගානට වාඩිවී සිටියේය ....
YOU ARE READING
stubborn love (Yizhan ff.... Complete )
Fanfictionඉරිතැලුනු මේ පොළොව මතට නොවී රුදු මේගයක්.... නිවා සනසාලන්න වන්න දිය බින්දුවක්