පිළිතුරක් නැත... ශාන් තවමත් යීබෝ සර් දෙස බලාගෙන භාවනාවකය...
"මං ඇහුවෙ තමුන්ද මගෙ පොත් රාක්කෙ අස්කලේ....."
" ඕ..... මේ.... පොත් රාක්කෙ විතරක් නෙවෙයි මුලු කාමරේම ......"
දෙවැනි වර මදක් උස්ව නැඟුනු හඩට හොද සිහිය ලැබුනු වහාම ශාන් පිළිතුරු දුන්නේය....
යීබෝට පළමු වරට ඇසුනු ශාන්ගේ කටහඩත් මහා අමුතු පුරුදු බවක් දැනෙන්නට විය.....
" මොකක්ද චූටි මැණික වෙලා තියෙන්නෙ කියන්නකො... මටනම් කිසිම වැරැද්දක් පේන්නෙ නෑ "
මැඩම් යූ ශාන් වෙනුවෙන් පෙනී සිටියේ.. ශාන් ඇය දිහා බලා ඇස්වලින් උදව් ඉල්ලූ බැවිනි. .. මෙය යීබෝද දුටුවේය ...
' පණ්ඩිතයෙක් වගේ මමා එක්ක හුරතල් වෙනවා. දෙන්නං මම අද "
යීබෝ තනිව සිතමින් යලිත් ඔහුගේ හඩ අවදිකලේය...
",මමා යන්න පහලට . . ඒක මම වැරැද්ද කරපු කෙනත් එක්ක බලාගන්නම් . . ඔක්කොටම කලින් කියනවා කොලෙජ් ගිහින් කැලෑ සුද්ද කරාද මෙච්චර අදුම් අපිළිවෙල.. "
යීබෝගෙ ඒ වදන් හමුවේ නම් මැඩම් යූට සිනහව නවත්වා ගැනීමට නොහැකි විය....
" මමා යන්න පහළට......."
ඒ ඉතින් අවසන් නිවේදනය බව දන්නා මැඩම් යූ කාමරයෙන් එළියට යන්නට ගොස් ශාන් පසුකරන විට ඔහුගේ අතක් මිරිකා...
" බයවෙන්න එපා මම එලියෙන් ඉන්නවා..."
යැයි රහසින් පවසාගෙනම ගියාය....
"මම ප්රශ්නයක් ඇහුවා .... "
'මේ මොන මල යකෙක්ද මංදා... මෙච්චර ලස්සන මූණක් තිබුනට කිසිම ලස්සනක් නෑ වගේ හදවත ...'
එසේ සිතමින් ශාන් මෝඩ හිනාවක් පා...
"ලන්ච් බ්රේක් එකේ ග්රවුන්ඩ් එකට ගිහින් සෙල්ලම් කරා ඒකයි....."
යැයි බිම බලාගෙනම ඉතා හෙමින් වගේම සන්සුන්ව පිළිතුරු දුන්නේය...
ඔහුගේ පිළිතුරට යීබෝගෙ කට කොනට අපූරු සිනාවක් නැඟුනද එය සැනින් මකාගත්තේ ශාන් දකීවියැයි බියෙනි...',මට මේ මොනවා වෙලාද... මේ කොල්ලා ඉස්සරහා ජීවිතේ පළවෙනි වතාවට මාව මෙච්චර නොසන්සුන් වෙන්නෙ.. .'
ESTÁS LEYENDO
stubborn love (Yizhan ff.... Complete )
Fanficඉරිතැලුනු මේ පොළොව මතට නොවී රුදු මේගයක්.... නිවා සනසාලන්න වන්න දිය බින්දුවක්