ශාන් නානකාමරයට වැදී වොෂ් එකක් ගෙන ඇදුම් මාරුකරගෙන කාමරයට පැමිණියේ නර්ස් දොරවසාගෙන පිටවෙනවාත් සමගිනි.... ඒ වනවිට රාත්‍රී ආහාරයද කාමරයට රැගෙන විත් තිබුනු අතර යීබෝ ඇදෙහි වාඩිවී තෙත කොන්ඩය පිටින් කාමරයේ එහාමෙහා යන ශාන් දෙස මදවේලාවක් බලා සිටියේය .....ශාන් මැඩම් යූ ගෙනා ද්‍රව්‍ය පිලිවෙලකට අස්කරමින් මෙලො සිහියක් නැතුව දැන් සෑහෙන්න වෙලාවකි.... ඔහු තමා දෙස දැන් බලයි දැන් බලයි යැයි සිතමින් යීබෝ ඒදෙස බලා සිටියද ඉන් පලක් වූයේ නැත....
ඇත්තෙන්ම ශාන්ටද මෙහි මහා වැඩක් නැත.. වැඩ මවමින් කරන්නේ යීබෝට මුහුණ දෙන්නට ඇති ලැජ්ජාව නිසාවෙනි ..
" බනී... "
එවරනම් ඒ අර පුරුදු පරණ හඩමය...ශාන් බියවී ඔහුදෙස බැලුවේ මේ පෙරලිය කුමක්දැයි කියා බැලීමටයි....
" ඇයි සර්... "
ශාන්ගේ මුහුණ මැලවී යනු දුටු යීබෝට දුකක් හිතුනද යලිත් ඒ හඩින්ම කතාකලේය ......
" මෙහාට එන්න ටිකකට .."
ශාන්ට දුක හිතුනි.. ඇත්තෙන්ම දෑස් වලට කදුලු පිරුනි.. ඒත් ඔහු ඒවා දෑස් තුලම සඟවාගෙන ඔහු අසලට ගියේය..
",මට බඩගිනී බනී... "
එවර අහිංසක මුහුණක් මවාගනිමින් යීබෝ පැවසීය... ශාන්ට දැන් යීබෝ ගැන තරහක් ඇතිවිය... ඇත්තෙන්ම මීට ටික වේලාවකට පෙර ඔහු කතාකල ආකාරයට ශාන් හිතුවේ දහවල් සිදුවීම විහිලුවක් දෝයි කියාය...
" බනී.... කමුද ... "
ශාන්ගේ එක් අතකින් අල්ලා ගනිමින් යීබෝ ඇසුවේය ... එවිටනම් ශාන්ගේ මුහුනට සිනහවක් නැගුනි... ..
" ඉන්න ... මම කෑම ඔතනට ගේන්නම්... "
ශාන් කෑම බදුන් ඇද අසල ඇති මේසය ඇදට සවිකර ඒ මතින් තැබුවේය...
" බනී... දකුණු අතටනේ මේක ගහලා තියෙන්නෙ ... "
යීබෝ දැන් පොඩි එකෙකු මෙනි.. . අතේ ගසා ඇති කැනියුලාව පෙන්වමින් යීබෝ පැවසුවේය ....
" මම කවන්නද...."
ශාන් ලැජ්ජාවෙන් ඇසුවේය ....
" හා... එන්න මෙතනින් වාඩිවෙන්න..."
ඇදේ අනෙක් පස පෙන්වා යීබෝ කතාකලේය...
YOU ARE READING
stubborn love (Yizhan ff.... Complete )
Fanfictionඉරිතැලුනු මේ පොළොව මතට නොවී රුදු මේගයක්.... නිවා සනසාලන්න වන්න දිය බින්දුවක්