Stubborn love ......................🌹🌹🌹🌹🌹🌹
😥😥😥😥😥😥😥😥😥😥😥😥
කාමරයෙහි ඇඳ මත හිඳ ගෙන කඳුළු පිරි දෑසින් සාලයෙහි සිදුවන කතාබහ සියල්ලට ශාන් හොඳින් කන් දුන්නේය ... තමන් මව සහ පියා නොමැති අනාථයකු බව යූඊ මැඩම් ඒ නිවෙසට පැමිණෙන හැම මොහොතකම ශාන්ට සිහි වන්නේය .
" මේ ගෙදර සිද්ධ වෙන දේවල් වලට ඇඟිලි ගහන්න තමුන්ට දැන් අයිතියක් නැහැ . ශාන් ඇයි ඒ කාමරේ ඉන්නෙ කියලා තමුන්ට ඉස්සෙල්ලාම මගෙන් අහන්න තිබුණා ...."
යීබෝගෙ හඩේ උස් බව තවම අඩු වී නැත .
" ඔයා කොහොමද එහෙම කියන්නෙ මට අයිතියක් නෑ කියලා . මමයි මේ ගෙදර වැඩිමල් දුව ඔයාට ඒක අමතක උනාද යීබෝ ...."
යූඊ ගේ හඩත් පෙර මෙන් නොවූවත් යම් වේගයකින් ඇසුනි....
"ඔව් ඔයා මේ ගෙදර වැඩිමලා කියලා මට කොහොම අමතක වෙන්නද. ඔයාගේ හස්බන්ඩ් සිද්ධ කරපු දේවල් නොවුන නං ඔයාට තවමත් මේකෙ අයිතිය තියෙනවා "
"යීබෝ පරණ දේවල් ඇදල අරගෙන ප්‍රශ්න ඇති කරන්න හදන්න එපා "
දැන් දැන් යූඊ ගේ හඩ බාලවනු ශාන්ට ඇසෙයි ....
" හරි එතකොට දැන් කොම්පැනියේ ඔයාගේ හස්බන්ගෙ section එක ගැන මොකද කියන්නේ "
යූඊ නිහඩව යීබෝ දෙස බැලුවා මිස කිසිවක් පැවසුවේ නැත....
" එයාට කියන්න වැදගත් විදිහට එයාගෙ ඩියුටි එක කරන්න කියලා මම a to z හැමදේම හොයනව කියල එයාට මම කිව්වා කියන්න ...."
යීබෝගෙ හඩත් පෙරමෙන් වේගවත් නොවූවත් තරමක් පාලනය වී ඇත....
" හරි ඒක මම බලාගන්නම් ඒත් මොකක්ද මේ ශාන්............"
" තව වචනයක් වත් වචනයක්වත් කතා නොකර ඉන්නවනම් ඉන්න නැත්තං දැන් යන්න පුළුවන් ...."
යීබෝ අසුනෙන් නැගිට සියල්ලන්ම ඉදිරියේ ශාන් සිටිනා කාමරයේ දොර විවරකලේය ... ශාන් මුහුණ බිමට යොමාගෙන ඇදමත වාඩිවී සිටින අයුරු දුටු යීබෝට පුදුමාකාර වේදනාවක් දැනුනි.....
" තමුන්ව ඔය කාමරේට එක්ක ආවෙ මම. ඔය කාමරෙන් එක අඩියක් හරි එළියට තියලා තිබුනොත් මම බලාගන්නම්...."
YOU ARE READING
stubborn love (Yizhan ff.... Complete )
Fanfictionඉරිතැලුනු මේ පොළොව මතට නොවී රුදු මේගයක්.... නිවා සනසාලන්න වන්න දිය බින්දුවක්