🚗 🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗සති අන්තයට දින දෙකකට පෙර යීබෝ ශාන් සමගින් ගමනට සූදානම් විය... යටි අරමුණ C ෆයිල් මෙහෙයුමයි.. නමුත් ශාන් සමගින් තනිව මෙවන් ගමනක් නිදහසේ යන්නට යීබෝටනම් අවශ්‍යතාවක් තදින්ම තිබුනි.... ශාන් පැවසූ පරිදි ඔහු අවුරුදු ගනනාවකින් කිසිදු දුර ගමනක් ගොස් නැත... ඉතින් යීබෝ ඒ නිසාවෙන් ඔහුගේ සැලසුම් වෙනස් කලේය .. ඔහු මුලින්ම සිතුවේ චැන්ග්සාන් ගොස් පසුව ෂැංහයි යාමටයි... නමුත් ශාන් වෙනුවෙන් චැන්ග්සාන් ගමන දෙවැනියට යොදාගෙන මුලින්ම දින දෙකක් ඔහුහා ෂැංහයි නවතින්නට තීරණය කලේය.....
උදෑසනින්ම පිටත්වීමට සූදානම් වී ශාන් එනවිටත් යීබෝ පහලට බැස නොසිටියේය... මැඩම් යූ කෑම කාමරයේ පුටුවක වාඩිවී ශාන්දෙස ආදරයෙන් බලා හිසින් ලඟට එන්නැයි සන් කලේය....
",සර් එක්ක පරිස්සමෙන් ගිහින් එන්න මැණික ... ඇදුම් ගත්තද ඇතිවෙන්න.... සර්ව කේන්තිගස්සනෙ නැතුව ලඟින්ම ඉන්න.... මේක ඔයාලඟ තියාගන්න ... මොනවා හරි ඕනෙවෙලා සර්ට කියන්න බැරිවුනොත් මේකෙන් ගන්න...."
ඇය මුදල් නෝට්ටු කිහිපයක් ශාන් අත තැබුවේය ....
" ඇයි මම ඔයාගෙ මැණිකව බඩගින්නෙ තියයි කියලා හිතුවද... "
යීබෝ පහලට බසිමින් ඇසුවේය....
" එහෙම නෑ චූටි පුතා... එයාගෙ ලඟත් කීයක් හරි තිබුනදෙන්....."
යීබෝ ශාන් දෙස බැලුවේ ආදරයෙනි.. ශාන් ලැජ්ජාවෙන් බිම බලාගත්තේ මුදල් සම්බන්ධ කතා වලට ඔහු එතරම් කැමැත්තක් නැති නිසාවෙනි .....
ශාන් මේ ගුවන් ගමනක් යන පළමු අවස්ථාවයි... බෙයිජිං සිට ෂැංහයි වලට කි.මි 1214ක් පමණ ඇත... මාර්ගයෙන් යන්නේ නම් පැය දොලහක් හෝ දහතුනකි.... යීබෝ ශාන්ගේ ගුවන් ගමන් බලපත්‍රය මීට දින කිහිපයකට පෙර සැකසුවේය... ගුවනින් පැය දෙකකටත් නොඅඩු කාලයකින් යා හැකිය...
මුලින්ම යීබෝ ශාන් සමග ෆෙයෙමින් මුණගැසීමට ගියේය .. යංග් අංකල් සමග අද ගුවන්තොටුපලට යන නිසාවෙන් ඔහු හා ශාන්ට රථයේ ඉන්නට කියා යීබෝ අපරාධ විමර්ශන ඒකකයට ඇතුලුවිය... ඉන්පසුව කම්පැනියට ගොස් යම් යම් කටයුතු කිහිපයක් නිදොස් කලේය... ඔවුන්ට ගුවන් ගමන යෙදී තිබුනේ පස්වරු තුනයි තිහටයි... සියල්ල අවසානයේ බෙයිජිං ගුවන් තොටුපළට ශාන් සමගින් ඇතුල් වූ යීබෝ අවශ්‍ය සියලුම ලියාපදිංචි කටයුතු අවසන් කර ගුවන් යානයට ඇතුල්විය... එය පළමු පන්තියේ ආසන පර්යන්තයයි... යීබෝ ශාන් සමගින් ඔවුන්ගේ ප්‍රවේශපත්‍රයේ සදහන් ආසන සොයාගෙන රැගෙන ආ ගමන් මලු ඉහලින් ඇති ලොකර් වලට දමා අසුන්ගත්තේය ....
YOU ARE READING
stubborn love (Yizhan ff.... Complete )
Fanfictionඉරිතැලුනු මේ පොළොව මතට නොවී රුදු මේගයක්.... නිවා සනසාලන්න වන්න දිය බින්දුවක්