විසිඑක් වන දිගහැරුම ............" දැන් මොකක්ද කියන්නෙ... පන්ඩිත බනී... මට පාට් එක දාලා පැනලා යන්න නේද හැදුවෙ...... මට පරක්කුවෙලා තියෙන්නේ නැත්නම් මම හොද පාඩමක් උගන්නනවා ජෙලසි බනීට......"
ශාන්ව දෙතොලින් මුදවා කන අසලටම දෙතොල් ගෙනගොස් යීබෝ පැවසුවේ දෙතොල් කන්වල සපර්ෂවන අයුරිනි....
ඒ ස්පර්ශයෙන් ශාන් තිගැස්සෙනු යීබෝ දුටුවේය ...මුවඟට නැගුණු සිනාවක් සමග යලිත් අත්දෙකෙන්ම ශාන්ව පපුවට තුරුලුකර ගෙන මදවේලාවක් සිටියේය ... ශාන්ද මේ උණුසුමෙහි රැදෙන්නට හුගාක් ම ප්‍රිය කලේය... එනිසාවෙන් දෙනෙත් පියාගෙන ඒ පපුවට හිස තියාගෙන සිටියේය ..
",යමුද ඉතින්.... මට පරක්කුවෙනවා...."
යීබෝ ශාන්ගේ හිස අතගාමින් පැවසුවද ශාන්" බෑ " කියන්නට මෙන් හිස දෙපසට වනා එලෙසින්ම ඉන්නට විය...යීබෝට ඉතින් මේ හුරතල් වලට පපුව පිරී යන්නේය ....
" එහෙනම් ඔක්කොම පැත්තකින් තියලා යමුද ඇදට දොයියන්න හ්ම්ම්ම්...."
ශාන්ගේ කමිසය යටින් අතදමා මෘදුව පපුව අතගාමින් යීබෝ එසේ ඇසුවේ දැන් පැන දුවන බව දන්නා නිසාවෙනි ....
" මං ගේට්ටුව ගාව ඉන්නවා ඉක්මනින් එන්නෝ...."
යීබෝ හිතුවා වගේම ඔහුව තල්ලුකර ශාන් පැන දිව්වේය...
සූදානම් වී පහලට එනවිට මමා සාලයේ වාඩිවී සිටින්නෙ නඩුවකට බව යීබෝ දනී..ෆියෝනා ආන්ටිලා පැමිනෙන විට තමන් නිවසින් පිටවන නිසා ඇය කේන්තියෙන් බව යීබෝ වටහා ගත්තේය ...
" කොහෙද යන්නෙ චූටි පුතා ... මම උදෙත් කිව්වා..."
ඇය අමනාපයෙන් ඇසුවේය ...
YOU ARE READING
stubborn love (Yizhan ff.... Complete )
Fanfictionඉරිතැලුනු මේ පොළොව මතට නොවී රුදු මේගයක්.... නිවා සනසාලන්න වන්න දිය බින්දුවක්