තිස්තුන් වෙනි දිගහැරුම .......

2.3K 448 78
                                    

Stubborn love .......................

🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️

", බෝදි......."

"හ්ම්ම්ම්..."

" මට හිතාගන්න බැරි ප්‍රශ්න ගොඩාක් තියෙනවා .... ඒකෙන් කියන්නෙ මට ඔයාව අවිශ්වාසයි කියලා නෙවෙයි ... ඒත් මේ දේවල් මට දරාගන්න අමාරුයි ..."

"අහන්න මැණික ... හිතේ හිරකරගෙන ඉන්නෙ නැතුව අහන්න...ප්‍රශ්නයක් තියෙනවනම් ඒවට උත්තරත් කොහේ හරි තියෙනවා ...."

යීබෝගෙ උරහිසෙහි හිස හොවාගෙන සිටින ශාන්ගේ හිසකෙස් මත සියුම්ව ඇගිලි රටා අදිමින් ඔහු කීවේය...

"  උදේ ආපු මිනිස්සු තමයි එදා රෑත් ඇවිල්ලා තියෙන්නෙ බෝදි...."

" ඔයා කොහොමද එහෙම කියන්නෙ බනී...."

" ඒ එක මනුස්සයෙක් ඇහුවා එදා කියපුවා අමතක වෙලාද ආයෙ ආවේ කියලා ...."

ශාන්ගේ දෙනෙතින් වැටෙන කදුලු වල සීතල යීබෝගෙ උරහිසට හොදින් දැනුනි... නමුත් ඔහු ශාන්ව වලක්වන්නට ගියේ නැත...

" තව මොනවද මැණික කිව්වේ...."

" මේ දේපල වලට ආසාවෙන් ලු මම ඇවිත් ඉන්නෙ .... මොනවද බෝදි ඒ මිනිස්සු කියන්නෙ ..  මම ඇයි ඔයාගෙ දේපල වලට ආසා වෙන්නෙ.. මට පැය 24ක් ඇතුලත මෙහෙන් යන්න කිව්වා ... නැත්නම් පපා ගිය..........."

ශාන්ට එතනින් එහාට කතාකරගන්නට නොහැකිවූයේ යීබෝ ශාන් දෙසට හැරී ඔහුගේ දෙතොල් වලින් ඉතිරි වදන් වලක්වා එ දෙතොල් සිපගත් නිසාවෙනි....

මොහොතක් එසේම සිටි ශාන් ඒ දෙතොලින් දෙතොල් ඉවතට ගෙන...

" ඒත් බෝදි... කාටවත් වරදක් නොකරපු මට ඇයි මෙහෙම කරදර කරන්නේ..  මට චැන්ග්සාන් යන්න ඕනෙ බෝදි .  ඒත් මං කොහොමද මේ උණුසුම දාලා යන්නෙ... උං මාව මරන්න කලින් මම මැරෙයි බෝදි .... මං කොහොමද ඔයා නැතුව ඉන්නෙ ..  ඔයාගෙ පපුව නැතුව මං කොහොමද ඇස් පියාගන්නේ... "

යීබෝගෙ දෑස්වලින්ද වේගයෙන් කදුලු ගලායන්නට විය . . ශාන්ව ඔහුගේ පපුවට තදින්ම තුරුලුකර ගත්තේය...

" ඔයා කොහෙවත් යන්නෑ මැණික ... මං ඔයාව කොහෙවත් යවන්නෙ නෑ... මේ අහන්න..."

stubborn love (Yizhan ff.... Complete  )Where stories live. Discover now