Stubborn love ................🌹🌹🌹🌹🌹
අටවන දිගහැරුම ........................
"ආවු.......හ්...."
ශාන්ගේ කෙදිරිය තරමක් ශබ්දයකින් පිටවිය... ඒත් සමගින් කවුරුන් හෝ ඔහුගේ අත අල්ලා ගනු ඔහුට දැනුනි....
ඔහුට ඔලුව හරවන්නට නොහැකිය .. ඔසවන්නටද නොහැකිය ..",කවුද ඔය යංග් මාමද...."
" දැං වත් කෑගහන්නෙ නැතුව ඉන්න බැරිද...... "
ශාන්ට පුදුමෙනුත් පුදුමය ඒ නපුරු හඩ ඉතින් වෙන කාගෙවත් නොවේ.. යීබෝ සර් ගේය...... බයයි කියා කටවහගෙන ඉන්න පුලුවන් දැයි සිතූ ශාන් ප්‍රශ්න පිට ප්‍රශ්න අසන්නට විය...ඇරත් උඩ බලාගෙන ඉන්න ඔහුට යීබෝගෙ මූණත් නොපෙනෙන නිසාවෙන් හිත ධෛර්යය කරගත්තේය....
" මේ කොහෙද ? දැන් වෙලාව කීයද? කවුද මාව එක්ක ආවේ.? "
මද වේලාවක් කිසිදු පිළිතුරක් නැත...
" අනේ........"
එවරනම් ශාන්ගේ හඩ වේදනාවක් සමගිනි..
" ඇයි......"
යීබෝට එය අවබෝධ උනු නිසා ඉක්මනින් ඔහු අසල සිටගනිමින් ඒ මූණ දෙස බලාගෙන ඇසුවේය ... යීබෝ ශාන්ගේ දෑස් මතින් කදුලු ගලායනු දුටුවේය ..
" මට...... මට......."
" ඉතින් කියන්න ...."
" මට බාතෲම් යන්නෝනේ... යංග් මාමට වත් එන්න කියන්න කෝ...."
අවසානයේ ශාන්ගේ හඩ ඉකියක් බවට හැරී තිබුනි....යීබෝට ශාන්ගේ ඇඩීම් දරාගන්නට නොහැකිය ....
" මම එක්ක යන්නම්.. යංග් අංකල්ට ඇහැරවන්න එපා දන්නවද දැන් වෙලාව කීයද කියලා .. ඒ මනුස්සයා පාන්දර එක වෙනකල් ඉදලා ගියේ..."
යීබෝ එසේ පවසා ශාන්ව දෝතට ගත්තේ ඉතාමත් පරිස්සමෙනි...
"ආ.......ව්......"
ශාන්ගේ ඔලුව වේදනා දෙන්නට වූ බැවින් එසේ පවසා ඔහු ඔලුව යීබෝගෙ පපුවට හේත්තුකර ගත්තේය .... ශාන්ට දැන් පැහැදිලිව ඔහුගේ හදගැස්ම ඇසේ...එහි රිද්මය ශාන්ගේ සිතට සැනසිල්ලක් ගෙනාවේය... ශාන්ගේ මේ වැඩ නිසා යීබෝගෙ මුවඟට සිනාවක් නැගුනි ....
නානකාමරය තුලට ශාන්ව ගෙන ගිය යීබෝ ඔහුව එහි හිදුවා....
" තනියම පුලුවන්ද ...." යි ඇසුවේය ....
YOU ARE READING
stubborn love (Yizhan ff.... Complete )
Fanfictionඉරිතැලුනු මේ පොළොව මතට නොවී රුදු මේගයක්.... නිවා සනසාලන්න වන්න දිය බින්දුවක්