Stubborn love ................🌹 🌹🌹
විසිනව වන දිගහැරුම ...............
චැන්ග්සාන් සිට බෙයිජිං පැමිණි පසු යීබෝ ඉතාමත් කාර්‍ය බහුල විය... දින තුනක අතපසුවුනු රාජකාරි සදහා ඔහුට ඉස්පාසුවක් නැතිව යොමුවන්නට සිදුවිය....
ශාන් අද මසකට පසුව කොලේජ් යන්නට සූදානම් වී හත වන්නටත් පෙරාතුව ඉහල මාලයට දිව ගියේ මැඩම් යූ ටත් ගුඩ්මෝනින් කියාගෙනමයි.....
දොරට තට්ටුවක් දමා ටික වේලාවක් ගත්විය... තවත් තට්ටුවක් දානවාත් සමගම දොර මදක් විවරවී යීබෝ අතක් එළියට දමා ශාන්ව ඇතුලට ඇදගත්තේය ....
" මගෙ මැණික .... "
යීබෝ ඉක්මනින් ශාන්ව පපුවට තුරුලුකරගත්තේය .... ශාන්ටත් අවශ්‍ය වී තිබුනේ මේ උණුසුමයි...ඔහු පුලුවන් තරම් ඒ උණුහුමට තව තවත් ගුලුවී දෑස් පියාගත්තේය ...
" මගෙ බනී ....."
" හ්ම්ම්ම්...."
" බයිසිකලේ නොයා මගෙත් එක්ක යමුද...."
" එතකොට එන්නෙ කොහොමද .."
" මං එන්නම්..."
" ඒක කරදරයි නේ බෝදි.... මම මෙහෙම යන්නම්...."
" හ්ම්ම්ම්ම්... ඔයාගෙ කැමැත්තක් ... මට තමයි පාඩු...."
ශාන් තාමත් සිටින්නේ යීබෝගෙ පපුවට තුරුලුවීය..... හෙමින් යීබෝ ඇද සිටින කමිසයේ බොත්තම් දෙකක් ගැලවූ ශාන් ඒ පපුව මත සියුම්ව හාදුවක් තැබුවේය ....
" මගෙ බනී...... දැන් මොනවහරි ඕනෙ වෙනවා ඔන්න මටත්...."
ශාන් හෙමින් ඔලුව උස්සා යීබෝගෙ කම්මුල මත හාදුවක් තබා හෙමින් පපුවෙන් ඉවත්වුනා...
YOU ARE READING
stubborn love (Yizhan ff.... Complete )
Fanfictionඉරිතැලුනු මේ පොළොව මතට නොවී රුදු මේගයක්.... නිවා සනසාලන්න වන්න දිය බින්දුවක්