ශාන් හෙමින් යීබෝ අසලට ලංවුනේ ඇත්තෙන්ම ඔහුව අස්වසාලීමටයි .. යීබෝගෙ රක්තවර්ණ වී ඇති දෑස් දුටුවිට ඇත්තෙන්ම ශාන්ගේ බිය සාදාරන යැයි සිතේ.... යලිත් කාටදෝ ඇමතුමක් ගෙන යීබෝ කෑගසන්නේ ගිරිය පුප්පාගෙනයි... එම දුරකතනය සංවාදය අවසන් වන විටම ශාන් හෙමින් යීබෝගෙ අතින් අල්ලා ගත්තේ ඔහුදෙස බලා සිටින්නටද අපහසු නිසාවෙනි .." බෝදි.... " එසේ පවසා යීබෝගෙ අතින් ඇල්ලුවද යීබෝ සිටියේ පාලනය කරගත නොහැකි කෝපයෙනි...
" පැත්තකට වෙනවා... "
යැයි තිබුනු කේන්තියෙන්ම සහ පෙර ලෙසින්ම වේගයෙන් කියමින් අත ගසා දැමුවේය ... නොසිතූ මොහොතක සිදුවූ සිදුවීම නිසාවෙන් ශාන් විසිවී ගොස් අසල බිත්තියේ හිස වැදී බිමට වැටුනි...
" ආ .....හ්....."
ඔහුට කියන්නට පුලුවන් උනේ එපමණකි ... දෑස් පියවිය...
ශාන්ගේ හඩට හැරී බැලූ යීබෝගේ පපුව පුපුරන්නට මෙන් විය....
" අනේ.... මගෙ බනී...... "
කියා කෑගසමින් එතනට දුවගිය යීබෝ ශාන්ව දෝතට ගත්තේ තමන් ගැනම ඇතිවූ වෛරයක් සමගිනි... ඒත් සමගම දොරට තට්ටුකලේ එකවුන්ට් වල නව භාරකරුය . ..
",ඉක්මනින් ඇවිත් ඔය වතුර එක ගේනවා මෙහාට ...."
ශාන්ව සෝපාවේ තබමින් යීබෝ කෑගැසුවේය ... ඔහු ඉක්මනින් වතුර වීදුරුව යීබෝ අතට දී පසෙකින් සිටගත්තේය ......
" දැන් යන්න.. මම කොල් කරන්නම්...."
ඔහු දෙසවත් නොබලා යීබෝ පැවසුවේ ශාන්ගෙ මුහුණෙහි වතුර තවරන අතරයි ....
එම පුද්ගලයා පිටව යන විටම වාගේ ශාන් හෙමින් හෙමින් දැස් විවරකලේය .... නලල එක් තැනක් ගෙඩිගැසි තිබුනි...
" මට සමාවෙන්න මගෙ බනී......"
යීබෝගෙ දෑස්වලින් වැටෙන කදුලුත් ශාන්ගෙ මුහුණට වැටෙන්නට විය....
" ඒකට කමක්නෑ බෝදි.... "
ශාන් යීබෝගෙ අතකින් අල්ලාගෙන හෙමින් පැවසුවේ හිසේ ඇතිවූ වේදනාව තදින් දරාගනිමිනි... නමුත් ඔහුගේ දැස් වලින් කදුලු ගලා ගියේ වේදනාවට බව යීබෝට තේරුනි....
YOU ARE READING
stubborn love (Yizhan ff.... Complete )
Fanfictionඉරිතැලුනු මේ පොළොව මතට නොවී රුදු මේගයක්.... නිවා සනසාලන්න වන්න දිය බින්දුවක්