Stubborn love .........🌹🌹🌹🌹
දහ අටවන දිගහැරුම .................
එදා කම්පැණිය තුල සිද්දියෙන් පසුව යලිත් ශාන්ට කිසිවෙකුත් කිසිවක් කීමට ඉදිරිපත් වූයේ නැත... කෙසේ හෝ සතියක් පමණ සාමාන්‍ය පරිදි කාලය ගෙවී ගියේය .. සතිය මැද යීබෝ ෂැංහයි බලා පිටත්වූයේ එහි ශාඛාවේ ඇතිවූ යම් ගැටලුවක් නිසාවෙනි .. එහි දින දෙකක් යීබෝ නතරවූ අතර එම දිනදෙක ශාන්ට කාර්‍යාලයට නොයන ලෙස යීබෝ යන්නට පෙර කියා සිටියේය .....
සෙනසුරාදා මධ්‍යම රාත්‍රියේ යීබෝ බංගලාවට යලිත් පැමිණියේය .. දින තුනක් ශාන්ව නොදැක සිටීම මෙතරම් අපහසුවේයැයි ඔහු කිසිසේත්ම සිතුවේ නැත... ගමන් විඩාවට ආ සැනින් වොෂ් එකක් දමාගෙන නින්දට වැටුනු යීබෝ පසුදානම් අවදිවූයේ මදක් ප්‍රමාද වීය... මුහුණ කට සෝදාගෙන පහලට යනවිය මුලුතැන්ගෙය දෙසින් ශාන්ගේ සිනා හඩ ඇසෙන්නට විය.. යීබෝ හෙමින් හෙමින් ඒ දෙසට පියවර තැබුවේය ...
" ෂූයී නැන්දා . බලන්නකො එයාලා කිරිබොන ලස්සන... ෂූයී නැන්දා මේ අනේ..."
",ශාන් පාඩුවේ ඉන්නවද මට වැඩක් කරගන්න දීලා... කෑගහන්න එපා මෝඩයෝ අර පුංචි මහත්තයා ඇහැරෙයි.."
" එයා තාම නිදිනේ... නේද පූෂ්... කුක්කු ඇතිද හ්ම්ම්ම්.... කෝ මෙහාට එන්න වඩාගන්න ......"
යීබෝ මුලුතැන්ගෙයට එබී බලන විට හුරතල් පූස් පැටවුන් ඒ මේ අත දිවයනු දුටුවේය. ශාන් සිටියේ ටයිල් පොලොව මත එරමිණියා ගොතාගෙන වාඩිවී එක් පූස් පැටියෙකු තුරුල් කරගෙන ඌ සමගින් කතාකර කරයි.. .. යීබෝ දුටු ෂූයී කලබල විය ....
" අනේ පුංචි මහත්තයා මේ ශාන්ගේ වැඩනේ..... ශාන් මුං ටික එළියට අරගෙන යන්න....."
YOU ARE READING
stubborn love (Yizhan ff.... Complete )
Fanfictionඉරිතැලුනු මේ පොළොව මතට නොවී රුදු මේගයක්.... නිවා සනසාලන්න වන්න දිය බින්දුවක්