තිස්වන දිගහැරුම ........

2.4K 440 62
                                    


🧤🧤🧤

ශාන් හෙමින් හෙමින් මුලුතැන්ගෙයට ඇතුල්වූයේ ගැහෙන හදවතිනි.... ඔහුට ඇතිවූ බියත් සමග හදගැස්මෙහි රටාව තරමක් ව්‍යාකූල වන බව දැනුනි... එය ඔහුට නිතරම සිදුවන්නකි.... පපුවට අතින් පුංචි තට්ටුවක් දමමින්ම ශාන්  කෑමකාමරයට එබුනි... 

සාලයේ මැඩම් යූ පමණක් සිටිනු පෙනුනි... හෙමින් අඩිය තබමින් ඔහු ඒ දෙසට ඇවිද ගියේය... ඒ මුහුණ බලන්නට නොහැකිය  .... මහා ලොකු වරදකාරී බවක් ඔහුට දැනුනි...

" මෙහාට එන්න..."

ශාන්ට පුදුම සිතුනි ... මැඩම් යූගේ ආදරණීය හඩ අද නැත... බැරෑරුම් හඩකින් කතාකල නිසා හිස එසෙව්වා නොව එසවිනි....

මුහුණත් අමුතු කරගෙන මැඩම් යූ තමන්දෙස බලාසිටිනු ඔහු දුටුවේය . බෝදි කොහිදැයි සොයන්නට මෙන් ශාන් හිස එහෙ මෙහෙ යැව්වේය  .....

" ශාන් .... ගිහින් ඔයාගෙ බඩු ටික අස්කරගන්න ... "

දැන් ශාන්ගේ හදවත පහරදෙන වේගය තවත් වේගවත් විය... නමුත් වචනයක් වත් නොඅසා... නොකියා ශාන් ආපසු හැරුනේය ... ඇස් වල කදුලු පටලයක් බැදී  තිබුනද ශාන් එවා බිමට නොහෙළා රදවා ගන්නට උත්සාහ කලේය... අඩි දෙකක් හෝ තුනක් යන්නට වූයේ නැත... අසලින්ම මැඩම් යූගේ හඩ ඇසුනි..

" බඩු අස්කරගන්න කිව්වෙ කොහෙ යන්න කියලවත් ඇහුවෙනෑනේ මැණික .. "

ශාන් හිරකරගෙන තිබුනු කදුලු ගලා ගියේත් ඔහු මැඩම් යූ දෙසට හැරුනේත් එකම විටයි.....

" අනේ මැණික මම විහිලුවක් නේ කලේ... කෝ එන්න...."

මේ අවුරුදු දෙකටම පළවෙනි වතාවට මැඩම් යූ ශාන්ව වැළඳගත්තේය..

" මැඩම් ...."

" අන්න ඔයාගෙ බෝදිට ඔයාව උඩ කාමරේක නවත්තගන්න ඕනෙලු.... ෂූයී නැන්දා ඒක  අස්කරනවා ...."

ශාන් තව තවත් මැඩම් යූට තුරුලු විය...

" පොඩ්ඩක් බයකලේ මෙච්චර දවසක් දෙන්නත් එක්ක මාව රැවැට්ටුවට.... හ්ම්ම්... යන්න ඉතින් උඩට ගිහින් කාමරේ බලන්න....."

මැඩම් යූ මේ සම්බන්ධයට කැමැත්ත දී ඇති බව ශාන් තේරුම්ගත්තේය..

stubborn love (Yizhan ff.... Complete  )Where stories live. Discover now