තිස් හතරවෙනි දිගහැරුම .......

2.2K 447 120
                                    

Stubborn love ..............🌹 🌹

තිස් හතරවෙනි  දිගහැරුම ......................

පාන්දර පහට පුරුද්දට මෙන් යීබෝට අවදිවිය... හිසට බර ගතියක් දැනුනද පපුව මත ශාන් නිදාගෙන සිටිනු දැකීමෙන් ඒ වේදනාව මදක් අඩුවී ගියේය ... නමුත් ශාන්ගේ තොල් ඉදිමී ගෙල දෙපස මෙන්ම පපුවේ තද රතු පැහැති සලකුණු දුටුවිට ඊයේ රාත්‍රියේ ඔහුගේ හපන්කම් ඔහුට සිහිවූයේය..

" අනේ... මගෙ මැණිකට මම රිදෙව්වද හුඟාක් ඊයෙ ...."

ඔහු තමන්ටම කියාගනිමින්  ශාන්ගේ ගෙල මත තිබුණු පැල්ලම් මත සියුම්ව හාදු තැවරූ වේය ... ඒ පහසින් ශාන් අවදි විය ....

" මං ඊයෙ හුඟක් රිදවලා මගේ බනීට ...."

ඒ දෑස්වල කඳුළු ඇති බව ශාන් දුටුවේය ....

" මට රිදුනෙ නෑ බෝදි.... "

ශාන් හෙමින් ඒ පපුව මත සියුම්ව හාදු තැබුවේය .... ඇත්තෙන්ම ඒ උණුසුම කෙතරම් වින්දත් ඔහුට මදිය ...

" බොරුවට මාව ඉඹලා ඇහැරෙව්වේ තාම පාන්දර නේ බෝදි.... මම තව ටිකක් නිදියනවා ...."

යීබෝගෙ පපුව මත හරි බරි ගැහී නැවතත් මුහුණ තියා ගත්තේ ය ....

" මේක නං හරියන වැඩක් නෙමේ බනියො... දැන් දවස් ගානක් මට උදේ එක්සසයිස් මග ඇරුනා ...."

ශාන්ගේ කම්මුලක් තදින් මිරිකමින් යීබෝ පැවසුවේ සිනාසෙමිනි..

" පාන්දර එක්සයිස් කරන්න ඕන්නෑ බෝදි..  ඔයා ඊයේ රෑ හොඳට එක්සයිස් කරල ඉන්නේ ...."

ශාන් ඒ පපුව මත ම මුහුණ තබාගෙන සිනාසෙමින් පැවසුවේය ....

" හොර බනියා  වගේ හිටියට පේනවද කියන කතා ... "

යීබෝ යලිත් ශාන්ව පපුවට තුරුලුකරගෙන දෑස් පියාගත්තේය ...

🌞🌞🌞🌞🌞🌞

නාන කාමරයට ගිය ශාන්  කන්නාඩියෙන් ඔහුගේ නග්න සිරුර දුටුවේය ... දෑස් නලලට ගියේ එවිටයි ... ගෙල මත මෙන්ම පපුව මතත් අත්ගොබ මතත් රතුපාටට ඇති යීබෝගෙ සැපුම් පහරවල් නිසා ඔහුට ඔහුව දිස්වූයේ අර්ථයක් නැති සිතුවමක් ලෙසිනි...

නාගෙන අවසන්ව යීබෝ නිවාඩු මාසයේ ඔෆිස් යන්නට රැගෙන දුන් අත් දිග කමිසයක් ඇඳ ගත්තේ වෙන කරන්නට දෙයක් නැති නිසාවෙනි ... සාමාන්‍යයෙන් ශාන් කොලේජ් එකට අඳින්නෙ සැහැල්ලු ටී ෂර්ට් පමණි ... අද එසේ ඇද ගියොත් අතිජාත මිතුරන් තිදෙනාගෙන් බයිට් වීම අනිවාර්ය වේ ... අකමැත්තෙන් වුවත් අත් දිග කමිසය ඇඳ අත් ඉහලට නමන්නේද නැතිවම පහලට ආවේය...ඒ වන විටත් යීබෝ පහලට පැමිණ ආහාර ගමින් සිටියේය .. ශාන්ව දුටු යීබෝට සිනා යන්නට ආවත් කෝපයෙන් සිටින ශාන්ගේ මුහුණ දුටු විට එය ආයාසයෙන් මැඩ ගත්තේ ය ...

stubborn love (Yizhan ff.... Complete  )Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ