Stubborn love ........🌹🌹🌹
යීබෝ ඔහුගේ කාමරයට කේන්තියෙන් ගොස් දොරවසා ගත්තේය ... ඔහුට වැඩිපුරම කේන්ති යූඊ සමගයි.... ඇත්තෙන්ම ඇය ඕනෑම අයුරකින් නම්මා ගතහැකි මෝඩ කාන්තාවක් බව යීබෝ සිතුවේය ... කිසිම හේතුවකින් තමන්ගේ ජීවිතයට ඇඟිලි ගසන්නට යීබෝ කිසිවෙකුට ඉඩ නොතබන්නට තීරණය කලේය ....
⚡⚡⚡⚡⚡
ශාන්ට දැන් කිසිව ඇසෙන්නේ නැත... ඔලුව හිරිවැටී ඇති අතරම පපුව වේගයෙන් ගැහෙන්නට පටන්ගත්තේය ....කතාකරන්නට වචන පිටවෙන්නේද නැත... අමාරුවෙන් ඇදට ගොඩවෙන්නට හැදුවත් එයද ව්‍යර්ථ විය... එහෙන්මම ටයිල් පොලවේ හාන්සිවූයේ වෙනත් විකල්පයක් නොමැති නිසාවෙනි .... ඒ සුලු මොහොතට ඔහුට බොහෝ දේ සිතුනි... යීබෝ ගේ මුහුණ මැවි මැවී පෙනුනි .... තමන් මියයනු ඇතැයි ඔහු සිතුවේය ... නමුත් එක්වරම
" මගෙ බනී...."
කියමින් කෑගසාගෙන යීබෝ ශාන්ගේ කාමරයට ආවේය ... ඔහුට සියල්ල හොදින් ඇසෙයි, පෙනෙයි නමුත් ප්‍රතිචාර දක්වන්නට නොහැකිය...
යීබෝ කාමරයට වී කෝපයෙන් මද වෙලාවක් සිටියත් එක්වරම මේ සියල්ල ශාන් අසා සිටින්නට ඇතිබව සිහිවී ඔහුගේ කාමරයට ආවේ ඔහු අඩනු ඇතැයි සිතාය.... නමුත් සිදුවී තිබුනේ ඊට වඩාදරුනු දෙයකි.. යීබෝ දුටුවේ ටයිල් පොළොවේ වැතිරී දාඩියෙන් නැහැවී සිටින ශාන්වය...
" අනේ... මගෙ මැණික ....."
යීබෝගෙ ශාන්ව දෝතට ගෙන පපුවට තුරුලුකර ගත්තේය ... ඒ පපුවෙහි ගැස්ම වේගවත් බව ඔහුට වැටහුනි ... නමුත් ශාන් දෙනෙත් හැරියේය ... යීබෝගෙ දැස් වලින් කඳුලු කඩා වැටෙනු ඔහු දුටුවේය ...
" අපි හොස්පිට්ට්ල් යමු ..."
යීබෝ ශාන්වත් ඔසවන් නැගිටින්නට උත්සාහ කලේය... ඒත් ශාන් ඔහුව වැළැක්වීය... අමාරුවෙන්ම....
YOU ARE READING
stubborn love (Yizhan ff.... Complete )
Fanfictionඉරිතැලුනු මේ පොළොව මතට නොවී රුදු මේගයක්.... නිවා සනසාලන්න වන්න දිය බින්දුවක්