" මමා....මේ හැමදේම දිහා නිශ්ශබ්දව බලාගෙන හිටියා හොදටම ඇති... මට තීරණයක් ගන්න ඕන...."මැඩම් යූ යීබෝගෙ මේ තීරණය බලාපොරොත්තුවෙන් සිටි දෙයකි... නමුත් හිතේ කේන්තියට හදිසි තීරන ගන්නට ගියහොත් සිදුවන්නේ සියල්ල අහිමි කරගෙන ජීවිත කීපයකින්ද වන්දි ගෙවීමට සිදුවීමයි... අද ශාන්ට සිදුවූ දෙය මීට හොදම උදාහරණයකි .....
" චූටි පුතා .... අද ශාන්ට උනදේ හින්දා ඔයා කලබල උනා කියලා මම දන්නවා ... හැබැයි එකපාරටම ඔය දේවල් තීරණය කරන්න ගියොත් ඒක ලොකු රිස්ක් එකක්... එකින් එක විසදමු... ඉස්සරලාම යූඊ ඔය හියුන්ග් ලගෙන් අයින් කරගමු...."
යීබෝ නිහඩව කල්පනාවේ සිටියද මමා පවසන කතාවත් සත්‍ය බව ඔහුට වැටහුනි....
",ඔයා දැන් ඔෆිස් යන්නෙ නැද්ද ...."
" නෑ මමා මම කෝල් කලා... හවසට පුලුවන් උනොත් ශාන් එක්කම ගිහින් එනවා.... එයා නැගිටිනකොට මම එයාලඟ නැතිවුනොත් දුක හිතෙයි...."
මැඩම් යූ කිසිවක් පැවසුවේ නැත... ඔවුන්ගේ ආදරය පිළිබඳව පුංචි ආඩම්බරයක් සිතේ කොනක ඇතිවුනා පමණි ....
" කොහොමත් ශාන්ව ඉක්මනින් ස්පෙෂලිෂ් කෙනෙකුට පෙන්නන්න ඕන...."
මැඩම් යූ ද එය අනුමත කලේය....
⏰⏰⏰⏰⏰⏰⏰
ශාන් නිදාගෙන දැන් පැය තුනක් පමණ ගතවී ඇත.. යීබෝ ඔන්ලයින් මීට්න් එකක් කැදවා අවශ්‍ය කටයුතු එකිනෙකාට පැවරූ අතර හියුන්ග් ඉතාමත් කල්පනාකාරීව බලා සිටි අයුරු හොදින් දුටුවේය ....
ෆියෙමින් හා සිදුවූ සියල්ල පවසා උපදෙස් කිහිපයක් ද ලබාගත් අතර හෙමින් ශාන් අසලින් හාන්සිවී ඒ මුහුණ පපූව මතින් තියාගත්තේ සියුම්ව හාදු කිහිපයක් ද තැබූ පසුවයි.... උදෑසන සිටම සිතට වදදුන් වේදනා සියල්ල මේ උණුසුමත් සමගින් නිවී ගොසින් හදවතට සැනසීමක් ලැබෙන අයුරු යීබෝ දෑස් පියාගෙන කල්පනා කලේය..
යීබෝටත් නොදැනුවත්වම දෑස් පියවුනි...
VOCÊ ESTÁ LENDO
stubborn love (Yizhan ff.... Complete )
Fanficඉරිතැලුනු මේ පොළොව මතට නොවී රුදු මේගයක්.... නිවා සනසාලන්න වන්න දිය බින්දුවක්