විසිහය වෙනි දිගහැරුම .....

2.5K 463 62
                                    

🔀🔀🔀🔀🔀🔀🔀🔀🔀🔀🔀

" මගෙ බනී..... මේ අහන්න අඬන්නේ නැතුව මට වෙච්ච දේ කියන්න ... කෝ ඔලුව උස්සන්න .... "

යීබෝ ශානි ව ඔහුගේ උරහිසින් ඉවතට ගෙන ඒ දෑස් දෙස  කෙලින් බලාගෙන යළිත් කතා කරන්නට විය ....

" බනී..... මට හැමදේම කියන්න හිතේ හංගගෙන තියෙන හැමදේම කියන්න මට හැමදේම දැනගන්න ඕනෙ බනී ප්ලීස් ....මෙතනදි ඔයා විතරක් තනි වෙන්නේ නෑ මට කියන්න . .."

ශාන් හෙමීට යීබෝගෙ උරහිසට හේත්තුවී  එදා රෑ සිදුවීම කියන්නට පටන් ගත්තේය ..

ශාන් හෙමීට යීබෝගෙ උරහිසට හේත්තුවී  එදා රෑ සිදුවීම කියන්නට පටන් ගත්තේය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" පපාගෙ අවසන් කටයුතු ඉවරවෙලා මම හවස එපාර්ට්මන්ට් එකට ආවා...මම කිසිම දෙයක් කන්නේ බොන්නේ වත් නැතුව එහෙමම නිදාගත්තා ... රෑ 12ට විතර කවුරු හරි ඇවිත් දොරට ගැහුවා .මම ගිහින් දොර ඇරියම කලුපාට ඇඳගත්ත මිනිස්සු හතර දෙනෙක් මාව තල්ලු කර ගෙන ගෙට ආවා ... ඒගොල්ලන්ගෙ මූණු වහගෙන හිටියේ..මට එතන සෙටිය පෙන්නලා වාඩිවෙයන් කිව්වා .ඊට  පස්සේ කාමර දෙකයි මුළු සාලෙම පෙරලුවා.එයාලා මොකක් හරි හෙවුවා..පස්සේ මගේ කම්බුලට දෙකක් ගහලා පපාගෙ lokar මොනවහරි තියෙනවද කියලා ඇහුවා..මම නෑ කිවුවහම එක මිනිහෙක් පිස්තෝලයක් මගේ ඔළුවට තිබ්බා.ඒ කරලා කිව්වා උඹ අදම බෙයිජිං වලින් යන්ඩ ඕනේ කියලා... නැත්තං තාත්තට වෙච්ච දේ පුතාටත් වෙනවා කියලා කිව්වා... උන් හෙට උදේ එනකොට මම හිටියොත් බලා ගන්නම් කියලා කිව්වා .... මගේ යටි බඩටත් පයින් ගහලා උන් යන්න ගියා... "

ශාන්  යළිත් ඉකිබිඳින්නට පටන් ගත්තේය..

" ඉතින් ඔයා රෑම ගියාද බනී...."

" හ්ම්ම්ම්.... "

යීබෝට  පපුව පුපුරන්ට තරම් කේන්තියක් සහ දුකක් ඇතිවිය... වසර දෙකකුත් මාස කිහිපයක් මේ දුක ඔහු පපුවේ හිර කරගෙන සිටියේ කෙසේදැයි යීබෝ වේදනාවෙන් කල්පනා කලේය...

stubborn love (Yizhan ff.... Complete  )Where stories live. Discover now