පස්වන දිගහැරුම ...........

3.6K 601 84
                                    

Stubborn love ................🌹🌹🌹🌹🌹🌹🌹

පස්වන දිගහැරුම .................................

🚲 🚲🚲🚲🚲🚲

" දැං ඉතින් පාන්දර එලාම් එක තියලා නැගිටහංකො ..... පාන්දර ඒ නපුරු මූණ බලන්නම තමයි වැඩේ.... මැඩම් යූ ගෙන් සල්ලි ගද්දි ඔය මුකුත් නෑ.... මට පරක්කුනං මාව හොයාගෙන ඇවිල්ලා සල්ලි දෙන්නෙ..   නපුරු මෝඩයා.... සතියයි බලන්නෙ සතියයි..... බිනා එක්ක පාට් ටයිම් යනවා ඊට පස්සෙ....  පිළිමයක් වගේ ලස්සන උනාට වැඩක් යෑ... තියෙන නපුරු කම.... හුහ්... මං බයවෙයි ඔව්වට... බැරිම උනොත් බෝඩිමක් හොයාගන්නවා...."

හිතේ ඇති තරහට තනියම බැන වදිමින් ශාන් නොදැනුවත්වම කොලේජ් එක ලඟටම ඇවිත් තිබුනි..... පාර්ක් එකෙන් බයිසිකලය දමා යාලුවන් සොයා ගියේ සතුටකින් නම් නොවේ.....

" චාන්ගා..   මෙහේ මෙහේ....."

කවදාවත් එක තැනක නොරැදෙන යාලු රැල පසෙක ඇති විශාල මේපල් ගස යට බංකුවේ ඉදගෙන කැගසන්නට විය...

" මොකෝ මේ මූණ ...  හරියට හෙනගහපු පිට්ටනියක් වගේ ... "

හැමදාමත් ශාන්ව මුලින්ම කියවන්නේ බින් ය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හැමදාමත් ශාන්ව මුලින්ම කියවන්නේ බින් ය.. කොලේජ් එකේදී පමණක් නොව පෙර පපා සමග බෙයිජිං වල සුටියදීද පාසලේ හොදම මිතුරා වූයේ යූ බින් ය.....

",මේ චාන්ගා ඔයාගෙ අලුත් සර් කාරයා මොකෝ ශේප් නේහ්...."

ඒ ෆෑන්ග් ය...

" මට වහටිකක් දීපල්ලා අනේ. ..  "

ශාන් තුන් හතර දෙනාට මැදිවී වාඩිවිය.. කොහොමත් මේ රැලේ හුරතලා සහ දඟකාරයා ශාන් ය... මවත් පියාත් නැති ඔහුට මැඩම් යූ මෙන්ම මේ මිතුරන් කිහිප දෙනාද මව් පියන් වැනිය...

" මොකක්ද අවුල චන්ගා     "

කුවාන් ශාන්ගේ අතින් අල්ලාගෙන ඇසුවේ..

stubborn love (Yizhan ff.... Complete  )Where stories live. Discover now