යීබෝ ෆයිල් එක දිගහැර එය කියවන්නට හදනවිටම මිස්ටර් චාඕ කතාකලේය ...
" ආහ්... සර් ඒ පිරිමි ළමයව මිස්ටර් හියුන්ග් එක්ක ගියා අර බඩු පටවන තැනට සපෝට් එකක් දෙන්න කියලා ... "
යීබෝ පුටුව පස්සට තල්ලුකර නැගිට්ටේ ගිනි පිටවෙමිනි.....
" කොහෙටද කිව්වෙ එක්ක ගියේ..."
එවර මිස්ටර් චාඕ බයෙන් හැකිලී ගියේ ඒ හඩෙහි කෝපය හොදින්ම දුටු බැවිනි...
" ග්රෑන්ඩ් ෆ්ලෝ එකේ පැකින් සෙක්ෂන් එකට....."
මිස්ටර් චාඕට එය කියා නිමකරන්නට නොහැකි විය... යීබෝ දඩාස් ගා අසල තිබුනු වාස් එකත් පෙරලාගෙනම කාමරයෙන් පිටවිය..
මේ වනවිට ශාන් පැයක් පමණ එහි වැඩකර තිබුනු අතර දාඩියෙන් පෙගී සිටියේය .. ඇත්තෙන්ම ඔහු සිතා සිටියේ මේ දෙය යීබෝ දැනුවත්ව සිදුවන්නක් බවයි.. නමුත් ඔහුගේ හිතේ තරහක් තිබුනේ නැත... සපත්තු දෙක ගලවා පසෙකින් තබා කලිසමේ කකුල්ද මදක් නවාගත්තේ මීට සුලු මොහොතකට පෙරයි... කමිසයද එක් පසෙකින් යටකෙරූ කොටස එළියට පැන තිබූ අතර ස්ට්රෝබෙරි ගෙඩියක් මෙන් රතුවී තිබුනේ දහඩිය හා තෙහෙට්ටුව නිසාවෙනි ..
යීබෝ කඩාගෙන බිදගෙන ගියපු ආකාරයට අනිවාර්යයෙන් විශාල ගැටලුවක් ඇතිවේයැයි සිතූ චාඕද ඔහු පසුපසින් දිවටන්නට විය. .
YOU ARE READING
stubborn love (Yizhan ff.... Complete )
Fanfictionඉරිතැලුනු මේ පොළොව මතට නොවී රුදු මේගයක්.... නිවා සනසාලන්න වන්න දිය බින්දුවක්