තිස් අටවෙනි දිගහැරුම ................

2.3K 432 65
                                    

Stubborn love ................🌹🌹🌹

ශාන්ගේ දෙතොල් වලට සියුම් පහසක් දැනී ඔහු සෙමෙන් සෙමෙන් දෙනෙත් ඇරියේය.... ඔහු දුටුවේ ඔහුගේ ඇස් දෙසම බලාසිටින යීබෝ වය....

" අනේ... බෝදි .... අදත් පාන්දර පහටද මේ මාව නැගිට්ටවන්නේ...."

ශාන් නෝක්කඩු ස්වරයෙන් ඇසුවේය ....

" ඒ.... මගෙ කම්මැලි බනියා... බලන්න අටටත් ලඟයි...."

ශාන් හොදින් දෙනෙත් හැරියේය ... ඇත්තෙන්ම වටපිටාව හොදටම ආලෝකමත් වී ඇත....

" ඉතින් මට ඇහැරවන්න තිබුනනේ....."

ශාන් අමනාපයෙන් මෙන් අහකබලාගෙන කීවේය  ...

" කෝ... ඉක්මනින් වොෂ් දාලා ලෑස්තිවෙලා පහලට එන්න... ඩොක්ටර් ලඟට යන්න ඕන...."

" බෝදි ......."

" ඒපාර මොකක්ද ... මට වඩාගෙන යන්න කියලද කියන්නෙ..."

යීබෝ සිනාසෙමින් ඒ නලලත සිපගත්තේය ...

" ඔයා අද ඔෆිස් යන්නෙ නැතුව හිටියොත් ඔයාට තවත් ප්‍රශ්න ඇතිවෙයි නේ....."

ශාන් ඔහුගේ දෑස් දෙස නොබලා විවුර්ත කර ඇති ජනේලයෙන් එන මද සුලගට සෙලවෙන ජනෙල් තිරය දෙස බලාගෙන කීවේය ...

" මැණික  .... මම ඒවා සෙට්ට්ල් කරලා තියෙන්නෙ ... පුලුවන් උනොත් හවස ඒ පැත්තට ගිහින් එමු..... කෝ... පන්ඩිත කතා නවත්තලා ගිහින් ලෑස්ති වෙන්න...."

" එහෙනම් මෙතනට දෙකයි , මෙතනට දෙකයි , මෙතනට එකයි ඕනෙ.."

ශාන් කම්මුල් දෙක, නලල , හා දෙතොල පිලිවෙලට පෙන්වා කීවේය .... මේ කෝලම් වලට යීබෝ  කවදත් පෙම්බැන්දේය...

" දෙක කීයෙන් වැඩිවෙයිද දන්නෑ බනී ඔහොම මූණ හදාගෙන හිටියොත් නම්..."

යීබෝ සෙමින් ඒ දෙතොල මත හාදුවක් තියා දෙකොපුල් ද සිපගත්තේය  ....

යීබෝ ශාන් එනතුරු ආහාර ගන්නට පහලට ගියේය .. මව ඔහුට ඉදිරියෙන් අසුනක වාඩිවී ආහාර ගන්නට සූදානම් වී සිටියේය ...

" කෝ... පොඩ්ඩා ......"

ඇය උඩුමහල දෙස බලමින් ඇසුවේය ...

" වොෂ් දාලා එයි මමා...."

යීබෝ ලඟ මමාගෙන් අසා දැනගන්නට ප්‍රශ්න රාශියක් තිබුනද සාමාන්‍යයෙන් කිසිවක් නොදැන සැක කිරීම හෝ ප්‍රශ්න කිරීම යීබෝගෙ සිරිත නොවෙයි ... ඒ නිසාවෙන් ඔහු නිහඩව පාන් පෙත්තක් ගෙන එහි බටර් තවරන්නට පටන්ගත්තේය ... ඒත් සමඟම ශාන් කලු ඩෙනිම් කලිසමට තදනිල් සැහැල්ලු ටීෂර්ට් එකක් ඇද පහලට ආවේය ..

stubborn love (Yizhan ff.... Complete  )Donde viven las historias. Descúbrelo ahora