රාජභිෂේක උත්සවයක්.....
ජියොන් ජන්කුක් කුමරු අද සිට යුවාන් රාජධානියේ හතරවන ජියොන් රජු ලෙස අභිෂේක කරනු ලබනවා...
රටවැසියන්ගේ ඔල්වරසන් මැද්දේ කිරුළු පැළදි ජන්කුක් රජු සිංහාසනයේ අසුන් ගත්තේ තම දකුණු පස අසුනෙන් සිටි මව් බිසවටත් වම් පස අසුනෙන් තම අග බිසවටත් මද සිනහවකින් සංග්‍රහ කරමින්.
ජන්කුක් හිටපු යුවාන් රජුගේ වැඩිමල් පුතු වූ අතර කුඩා කල සිටම ඔහුගේ හොඳම මිතුරිය වූ ජිසෝ කුමරිය සරණ පාවාගෙන සිටියේ එය තම පිය රජුගේ අවසාන කැමැත්ත වූ බැවිනි.ජන්කුක් ඇය සමඟ සතුටින් ජීවත් වුවත් කිසි දිනක ඈ පිලිබඳ ආදරයක් ඔහුගේ හදවතේ ඇති වී නොතිබිනි.
.
.
.
.
.
එහි තිබුනේ මල් පෙත්තක්... ලා රෝස පැහැ රෝස මල් පෙත්තක්.......
ටේහ්‍යුන්ග් තම අල්ල මත තිබෙන එම මල් පෙත්ත අනෙක් අතේ ඇඟිලි වලින් ස්පර්ශ කලේ ගොඩක් සියුම් විදියට.එහි තිබුනු සුමුදු බව දැනී ඔහුගේ මුවඟ මඳ සිහනවක් ජනිත වූයේ මීට හේතු වූ පුද්ගලයාව සිහි වීමත් සමඟමය.ඔහුව මුලින්ම දුටු දිනය දිනයක් දිනයක් පාසා ඔහු ගැන හැඟීම් ගොඩ නැඟුණු ආකාරය සිහි කරමින් ටේහ්‍යුන්ග් සිතුවිලි සාගරයක කිමිදී ගියේ මද වේලාවකට පෙර දැනුන වේදනාව ගැනත් අමතක කරමින්.
මීට අවුරුදු තුනකට පෙර ටේහ්‍යුන්ග් සහ ජන්කුක් කුමාරවරු දෙදෙනාම ඉගෙනුම ලැබුවේ එකම තක්සලාවක.එය රජකුමාරවරු ඇතුලු උසස් කුල වල කුමාරවරු ඉගෙනුම ලබන සිප්හලක්.එහි කිරුළු බාර ගැනීමට නියමිත කුමාරවරු ද ඉගෙනුම ලැබුවද ඔවුන් අනෙක් සෙසු කුමාරවරුන්ගෙන් වෙන්ව වෙනම ශිල්ප හැදෑරුවේ විශේෂ ඇදුරුවරයෙක් යටතේ.
Taehyung POV
ඔහුව මුලින්ම දුටු දිනය.... එදා ඔහු සිටියේ තද නිල් පැහැති හැන්බොක් ඇඳුමකින් සැරසිලා... කලබලෙන් ඇවිද ගිය ඔහුගේ සිරුරේ ගැටී මන් වැටෙන්න ගියත් මන් නොවැටී නැවතුනේ මගේ මිතුරා වූ ජීමින් කුමරු මගේ අතින් අල්ලගත්ත නිසා.. ඔහු සිදුවූ දෙයට සමාව ඉල්ලා ආයෙම ගියෙ මා දෙස හරිහැටි බැලීමකිනුත් තොරව... නමුත් මා එදා සිට සැමදාකම ඔහු දෙස ඈත සිට බලා සිටීමට පුරුදු වූයේ ඇයිදැයි මටවත් නොවැටහී තිබුනේ... ඔහු ගැන සොයා බලද්දී ඔහු අපගේ සතුරු රාජධානියේ කුමරෙක් බව දැනගත්විට මට දැනුනෙ ලොකු වේදනාවක්... මේ තක්සලාව ඇතුලත කිසිවෙකු සතුරන් නොවුනත් මින් පිටවී ගිය පසු අපි සතුරන්ද... මෙසේ වීම ගැන මගේ සිතෙහි කිසිඳු පැහැදීමක් නොතිබුනත් මා හට කිරීමට කිසිවක් තියේදැයි මට වටහාගත නොහැකියි... මා දැන් වටහාගෙන තිබෙන එකම දෙය මා ඔහුට ප්‍රේම කරන බව පමණයි. ඒකපාර්ශ්වික ප්‍රේමයක්... ඔව් එය එසේ තමා.... ඊට සාක්ශිය මගේ හදවතෙන් පැනනැගී පෙනහලු තුලින් පෝෂණය වීමට ආරම්භ වී ඇති මේ රෝස ශාකය...
ටේහ්‍යුන්ග් එසේ සිතමින් තම පපුව මතින් රෝස පෙත්තත් තමඟ දෑත් තබාගත්තේ කුමක් වුවත් ඔහු වෙනුවෙන් ආදරේ නාමයෙන් ඇති වූ මේ ශාකය එසේම වැඩීයාමට ඉඩ දීමට සිතාගනිමින්..
.
.
.
.
.
❁ Thank You For Reading ❁
YOU ARE READING
𝐃𝐚𝐧𝐝𝐞𝐥𝐢𝐨𝐧𝐬 | 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 [Hanahaki] ✓
Fantasy~ 𝑪 𝑶 𝑴 𝑷 𝑳 𝑬 𝑻 𝑬 𝑫 ~ ඔබතුමාත් ටේහ්‍යුන්ග් කුමරුත් මෙම ආත්මයේ පමණක් නොවේ... ආත්ම ගනනාවක් එකිනෙකා වෙනුවෙන් ඉපදෙන ආත්මීය සහකරුවන්..... . . . යලි කිසිදු ආත්මයක ඔබත් ටේහ්‍යුන්ග් කුමරුත් කිසි දෙයකින් වෙන් කල නොහැකි වේවී..... . . . Jungkook Pov...