සති දෙකක් පමන ගතවී ගොස් තිබුනේ ටේහ්‍යුන්ග්වත් ජන්කුක්වත් තව තවත් සමීප කරමින්.ආත්මගත බැඳීම නිසා දෙදෙනාට දැනුන හුරු පුරුදු බව ඔවුන්ගේ බැඳීම තවත් ශක්තිමත් වීමටත් කෙටි කාලයක් තුලදි එකිනෙකා ගැන හොඳින් වටහාගැනීමටත් උදව්වක් වුනා.
Taehyung POV
මෙච්චර දවස් ජන්කුක් මාව බලන්න මගේ ගෙදරටම ආවත් අපි දෙන්න එලියට යන්නෙ මුලින්ම අද .... ඒකට හේතුව වුනේ හනහකි හැදිලා ඉද්දි මන් ශරීරයෙන් ගොඩක් දුර්වලවෙලා හිටිය එක... මට පොඩි දෙයක් කලත් ගොඩක් මහන්සි දැනුනා... පෙනහලුවලට සම්බන්ධ ලෙඩක් හින්දා වෙන්නැති එහෙම වෙන්නේ.... ඒත් දැන් ඒ ගතිය ටික ටික අඩුවෙනවා කියලා මට දැනුනා.... පපුව හිරවෙන එකත් දැන් ගොඩක් දුරට අඩුයි.... එහෙම උන ගොඩක් වෙලාවට ජන්කුක් මන් ලඟ හිටියා... එයාගේ තුරුලේ ඉද්දි මගේ වේදනාවන් ඔක්කොම දියවෙලා යනවා... ජන්කුක් ට ඔෆිස් එකේ වැඩ තිබ්බත් පුළුවන් හැමවෙලේම මාව බලන්න ආව... ඔෆිස් එකේදිත් මට ගොඩක් වෙලාවට කෝල් කරලා හරි හොයලා බලනවා.... එයා මට ගොඩක් ආදරෙයි.... ඒක මට දැනෙනවා.... කලින් ආදරේ කියන්නේ මට වේදනාවක් ගෙනල්ල දුන්න හැඟීමක්.... එහෙම වෙලත් ඒ හැඟීමට මන් කැමති වුනා.... ඒත් දැන් ආදරේ කියන හැඟීම මට හැමවෙලේම සතුටක් දැනෙන්න හේතුව වෙලා....
ටේහ්‍යුන්ග්.... ඔයා ලෑස්ති වෙලා ඉවරද... අන්න ජන්කුක් ඇවිත් ඉන්නේ....
ටේහ්‍යුන්ග් කල්පනාවෙන් මිදුනේ යුන්ගිගේ හඬින්.
පරිස්සමෙන් ටේ...
හරි හියුන්ග්....
යුන්ගි ට සමුදීලා ඉක්මනින් ම එලියට ආව ටේහ්‍යුන්ග් දැක්කේ ලස්සන හිනාවක් මූනේ තියාගෙන තමන් දෙස බලාගෙන ඉන්න ජන්කුක් ව.නිල්පාට හූඩියකුත් කලුපාට ජීන්ස් එකකිනුත් සැරසිලා හිටිය ටේහ්‍යුන්ගේ උඩ ඉදලා පල්ලෙහාටම ජන්කුක් ඇස් යවද්දී ටේහ්‍යුන්ග් හිටියෙ පොඩ්ඩක් ලැජ්ජාවෙන් රතුවෙලා.
අනේ ජන්කුකී.... ඇයි ඔහොම බලන්නේ....
ටේ එහෙම අහද්දි තම දෑස් මඟහැරීමට උත්සාහ කරමින් ඉන්න ටේහ්‍යුන්ග් ලඟට ආව ජන්කුක් ඔහුගේ ඉනවටෙන් අත දාලා තමන් ලඟට ටිකක් ලං කරගත්තා.
YOU ARE READING
𝐃𝐚𝐧𝐝𝐞𝐥𝐢𝐨𝐧𝐬 | 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 [Hanahaki] ✓
Fantasy~ 𝑪 𝑶 𝑴 𝑷 𝑳 𝑬 𝑻 𝑬 𝑫 ~ ඔබතුමාත් ටේහ්‍යුන්ග් කුමරුත් මෙම ආත්මයේ පමණක් නොවේ... ආත්ම ගනනාවක් එකිනෙකා වෙනුවෙන් ඉපදෙන ආත්මීය සහකරුවන්..... . . . යලි කිසිදු ආත්මයක ඔබත් ටේහ්‍යුන්ග් කුමරුත් කිසි දෙයකින් වෙන් කල නොහැකි වේවී..... . . . Jungkook Pov...