❀ CHAPTER 21 ❀

420 111 60
                                    

ටේහ්‍යුන්ග් නැගිටලා ඇඳ උඩම ඉඳගත්තෙ ඉස්සරහින් තිබුන ඔරලෝසුවටත් ඇස් යොමු කරන ගමන්.

ආහ්.... දහයත් පහු වෙලා.... මන් මෙච්චර වෙලා නිදාගෙනද.... මොකක් හරි වෙනසක් තියෙනවා..... මට වෙනදට වගේ ඇඟට ලොකු අමාරුවක් දැනෙන්නැනෙ අද....

එහෙම හිතද්දිම ටේහ්‍යුන්ග් ට මතක් වුනේ පෙර දින සිදුවූ දේවල්.

ඒ එයා... එයා මන් ගාව හිටිය... හිටියද... මට එහෙම දැනුනා.... ඒ හීනයක් ද...

ටේහ්‍යුන්ග් සිටියේ ඒ දේවල් ඇත්තටම උනාද කියලා හිතාගන්න බැරුව.මොකද ටේහ්‍යුන්ග් ඒ වෙලාවෙ හිටියෙ හරිහැටි සිහියක් නැතිව.ඒ වුනත් ඒ හැමදේම ඒ උනුහුම තමන්ට දැනුන විදිය ටේහ්‍යුන්ග් ට මතක් වුනා.ඉක්මනින් ම මූන කට හෝදගෙන ඇඳුමක් ඇඳගත්ත ටේහ්‍යුන්ග් ගියේ යුන්ගිගේ කාමරයට.

හියුන්ග්....

යුන්ගි එහි නොසිටි නිසා සාලයට පැමිනි ටේහ්‍යුන්ග් දුටුවේ කෑම ප්ලේට් එකකුත් අරගෙන එන යුන්ගිව.

හියුන්ග්... මන් ඔයාව හෙව්ව.... කාටද මේ කෑම...

ටේ... ඔයා නැගිට්ටද... එන්නකෝ ඔයාට කෙනෙක්ව මුනගස්සන්න තියෙනවා....

ටේහ්‍යුන්ග් යුන්ගි සමඟම ගියේ අමුත්තො සඳහා වෙන් කරලා තිබුන කාමරයට.එහි ඇඳ උඩ වාඩි වෙලා හිටපු කෙනා දැක්කම ටේහ්‍යුන්ග් පුදුම වුනත් ඒ හීනයක් නොවෙන බවත් කලින් දවසෙ වුන දේවල් ඇත්තටම වුනා කියලා දැනෙද්දී ලොකු සතුටකිනුත් සිත පිරිලා ගියේ ඔහුගේ දෑස සතුටු කඳුලු වලින් පිරී යද්දිමයි.

ටේ.... එන්න මෙහාට....

තවමත් කාමරේ දොර ගාව හිටගෙන බලාගෙන ඉන්න ටේහ්‍යුන්ග් ට යුන්ගි කතාකලේ ඇතුලට ජන්කුක් ගාවට එන්න යන්න අඟවමින්.

හෙමින් හෙමින් ඇතුලට ආව ටේහ්‍යුන්ග් දුටුවේ ඇඳ මත සිටි ජන්කුක්ගේ පාද දෙකම වෙලුම් පටිවලින් වෙලලා තිබුන ආකාරය.

හියුන්ග්... ඇයි..මෙහ්....

ඒක ඊයේ ඔයාගෙ අතින් වීදුරුවක් බිඳිලා තිබ්බනෙ... එවෙලෙ මේ ජන්කුක් කටු ගොඩේ තමා දුවගෙන ආවෙ ඔයාව බලන්.... ඒකයි මේ...

𝐃𝐚𝐧𝐝𝐞𝐥𝐢𝐨𝐧𝐬 | 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 [Hanahaki] ✓Where stories live. Discover now