❀ CHAPTER 10 ❀

473 131 42
                                    

මා...

රජතුමනි......

ටේහ්‍යුන් කුමරුගෙත් ජන්කුක් රජුගේත් අවදානය බිඳී ගියේ ජන්කුක් රජු ගේ පාලකවරයාගේ හඬින්.

මව් රැජින වහාම මාලිගයට පැමිණෙන ලෙස පණිවිඩයක් එවා තිබෙනවා රජතුමනි.... අග බිසවගේ තත්වය බරපතළ බවයි ආරංචි.....

කුමක්ද...

ජන්කුක් රජු එසේ විමසුයේ නොසන්සුන් වූ හඬකින්.එවිටම ටේහ්‍යුන්ග් තම හඬ අවදි කලේ ජන්කුක් රජු ගේ තත්වය වටහා ගනිමින්.

රජතුමනි.... සියල්ල හොඳින් සිදුවේවී... ඔබ දැන් මාලිගයට යා යුතුයි...

ටේහ්‍යුන්ගේ වචන වලින් තම සිත යම්තාක් දුරකට සන්සුන් වන බවක් ජන්කුක් රජුට දැනුනේ ටේහ්‍යුන්ග්ට තමාව සැනසීමටද හැකියාවක් පවතින බවට ඒත්තුගන්වමින්.

ජන්කුක් රජු පිටත්ව යන ආකාරය දෙස බලා සිටි ටේහ්‍යුන්ග් ට දැනුනේ පැහැදිලි කල නොහැකි හැඟීමක්.

Taehyung POV

මේ ඔබව මා දකින අවසාන මොහොතද... මගේ සිත පාලු මූසල හැඟීමකින් වැසී ගියේ ඔහුව නැවත දැකීමටවත් නොහැකි වන නිසාද නැතිනම් මේ මා ජීවත් වන අවසන් කාලය නිසාදැයි යන්නවත් මට වටහාගත නොහැකි... ඔහුට මා පිලිබඳ මතකයේ රැඳේවිද.... ඔහුට දැනටමත් බිසවක් සිටිනවා... ඉදිරියේදී දරුවන් සිටීවී... ඔහුට මා වැන්නෙක් පිලිබඳ මතක් වීමටවත් කාලයක් නොමැති වේවී...

ටේහ්‍යුන්ග් සිටියේ එසේ කල්පනා කරමින් තම කුටිය වෙත පියනඟිමින්.ඔහුට දැනුනේ තම ශරීරය තමාටවත් පාලනය කල නොහැකි බවක්.ඔහු තම අතින් තම පපුව හරිය තදින් මිරිකාගත්තෙ සිරුර ඇතුලතින් කටු ඇනෙනවා මෙන් දැනුන දැඩි වේදනාවත්,හුස්ම ගැනීමට අපහසු බවකුත් දැනුන නිසාවෙන්.ටික වෙලාවකින් ඔහුට දැනුනේ මුලු ලොවම අඳුරු වී යන බවක්.

ටික වෙලාවකින් ඔහුට දැනුනේ මුලු ලොවම අඳුරු වී යන බවක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.

.

.

ජන්කුක් රජු සිටියේ තම බිසවගේ කුටිය ඉදිරිපස නොසන්සුන්කමින් ඇවිදිමින්.කිසිදා ඇය කෙරෙහි ප්‍රේමයක් දැනී නොතිබුනත්, තම හොඳම යෙහෙළිය,බිසව ලෙස ඇය සෑම විටකම තමා සමඟ සිටි ආකාරය ඔහුගේ මතකයට නැඟුනා.

ටික වෙලාවකින් ළදරුවකු ගේ හැඬීමක් ජන්කුක් රජු ගේ සවනට වැටුනේ ඔහුව තවදුරටත් කලබලයට පත් කරමින්.පියෙක් වීමේ සතුට, කිරුලට උරුමකරුවෙකු බිහිවීම පිලිබඳ ආඩම්බරය,තම බිරිඳගේ තත්වය පිලිබඳ බිය, දරුවා බැලීමේ නොඉවසිල්ල යන සියලු හැඟීම් වල සම්මිශ්‍රණයකින් ජන්කුක් රජු ගේ සිත වැසී ගියේ එකම මොහොතේදීය.

සුභපැතුම් රජතුමනි.... පුත් කුමරෙක්...

අග බිසව.....

බිසවත් හොඳින් රජතුමනි... එතුමිය තවමත් දුර්වලයි නමුත් අවදානම් තත්වයෙන් මිදී ඇති බැවින් කනගාටු විය යුතු නොවේ...

එය ඇසූ පසුයි ජන්කුක් රජු ට සැනසීමක් දැනුනේ.තවත් නොඉඳ ඔහු වහාම පිටත් වූයේ තම දරුවා බැලීමට.

රජතුමනි....

රජු පැමිණෙනු දුටු ජිසෝ බිසව නැගී සිටීමට උත්සාහ කලත් ඇයට විවේක ගන්නා ලෙස පැවසූ ජන්කුක් රජු ඇය ඉදියේ සිටි තම දරුවාව දෝතට ගත්තේ බොහෝ පරිස්සමෙන්.ජිසෝ දෙස බලා ස්තූතිපූර්වක සිනහවක් පෑ ජන්කුක් රජු පුංචි කුමරු දෙස බලා සිටියේ ඔහුගේ සිතේ උතුරා යන දාරක ස්නේහයෙනි.එසේ බලා සිටින විට ඔහුගේ මතකයට පැමිනියේ ටේහ්‍යුන්ග් කුමරුන්ව.පුංචි කුමරු හට තිබූයේ ටේහ්‍යුන්ග් ට මෙන්ම නිල් පැහැ දෑසක්.ජන්කුක් රජු ට මේ මොහොතේ ටේහ්‍යුන්ග් කුමරුත් මෙහි සිටියා නම් යන හැඟීම දැනෙන්න ගත්තේ නිතැතින්මය.

පුංචි කුමරු ගේ උපතත් සමඟ මුලු යුවාන් රාජධානියම පැවතියේ උත්සව කාලයක් මෙන් සතුටින් පිරී යමින්.කුමරුගේ නම් තැබීම, උරුමකරු ලෙස නම් කිරීම හා තවත් රාජකීය සිරිත් විරිත් සිදු කිරීමට සිදු වීම හේතුවෙන් ජන්කුක් රජු සිටියේ බොහෝ කාර්‍යබහුලවයි.

මේ වනවිට කුමරු ඉපදී සතියක් ඉක්මගොස් පැවති අතර මේ වනතෙක් ටේහ්‍යුන්ග් පිලිබඳ සොයා බැලීමට ජන්කුක් රජු හට නිදහසක් නොපැවතියත් මීට දිනකට පෙර ඔහු තම සෙබලෙක් එහි යැවූයේ ඔහු පිලිබඳ තොරතුරක් දැනගැනීම සඳහායි.

රජතුමනි...

ඔබ පැමිණියේද..... ටේහ්‍යුන්ග් කුමරුන් තවමත් පන්සලේද....

කුමරු තවමත් එහි සිටිනවා රජතුමනි..... නමුත්..........

.

.

.

මන් මේකේ කලින් තිබ්බ Onesided Love කියන නම වෙනස් කලා ඒක common හින්දයි, දැන් තියෙන නම කතාවට ගොඩක් ගැලපෙනවා කියලා හිතුව හින්දයි.🌝❤️

බායි❤️ තැන්කූ කියවන අයට 🤗❤️

𝐃𝐚𝐧𝐝𝐞𝐥𝐢𝐨𝐧𝐬 | 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 [Hanahaki] ✓Where stories live. Discover now