❀ CHAPTER 08 ❀

500 127 32
                                    

ටේහ්‍යුන්ග් කුමරුනි.... ඔබ අපගේ රාජධානියේ අතර පවතින සතුරුතාවය පිලිබඳ කුමක්ද සිතන්නේ....

එය... ඇත්ත වශයෙන් ම ඒ පිලිබඳ මා හට පවතින්නෙ කනගාටුවක්... රජතුමනි...

මා හටත් එසේමයි හැඟෙන්නේ.... අපට හැකියි නේද මෙය නිරාකරණය කිරීමට....

මෙම සතුරුකම් ඇති වූයේ මාගේ මුත්තනුවන් ඔබේ රාජධානියට අයත් ප්‍රදේශයන් කීපයක් අත්පත් කරගැනීම හේතුවෙන්.... මා හට හැකි ඒ සියල්ල නැවත ඔබේ රාජධානියටම පැවරීමට...

එය හොඳ අදහසක් රජතුමනි..... ඔබට ස්තූතියි....

ඔබ මා හට ස්තූති කලයුතු නොවේ... අපට මිතුරන් විය හැකී නොවේද ටේහ්‍යුන්ග් කුමරුනි...

එය ඇසුනු විට ටේහ්‍යුන්ග් හට දැනුනේ පැහැදිලි කල නොහැකි හැඟීමක්.

Author POV

තමන් ඒකපාර්ශ්විකව ප්‍රේම කරන තැනැත්තා තම මිතුරෙක් වීමට විමසුවොත් එය කොහොමද දැනෙන්නේ.දුකක් මිශ්‍රිත සතුටක් වගේ හැඟීමක් විය හැකියි.මිතුරෙක් ලෙස හෝ ඔහුගේ ජීවිතේ ඉඩක් ලැබීම පිලිබඳ සතුටකුත්, තම සැබෑ හැඟීම් හෙලි කල නොහැකි බැවින් ඇතිවන කනගාටුවත්, එම සැබෑ හැඟීම් හේතුවෙන් මිත්‍රත්වයත් බිඳී ගියහොත් යන්න පිලිබඳ බියත් යන සියල්ල එක්වී නිර්මාණය වූ සංකීර්ණ හැඟීමක් ලෙස දැක්විය හැකියි.

එම හැඟීම තමා තුලම සඟවාගත් ටේහ්‍යුන්ග් ජන්කුක් රජුට මිහිරි සිනහවකින් සංග්‍රහ කරමින් පැවසූයේ තමා මේ මිතුදමට ප්‍රිය කරන බවත්, ජන්කුක් රජුගේ අදහසට තම සහය ලබා දෙන බවත්.

.

.

.

මෙසේ සතියකුත් දින සයක් ගතවී ගියේ ජන්කුක් රජුත් ටේහ්‍යුන්ග් කුමරුත් අතර සුහදශීලි බැඳීම තවත් ශක්තිමත් වෙමින්.නමුත් එය තවදුරටත් මිත්‍රත්වයක් ලෙස පැවතියේ දෙදෙනාගෙන් කිසිවෙක් ඉන් ඔබ්බට යාමට ඉදිරිපත් නොවූ බැවින්.

King Jungkook POV

ටේහ්‍යුන්ග් කුමරු..... ඔහු සමඟ මා මිතුදමක් ගොඩනඟාගත්තා.... නමුත් මා හට මේ දැනෙන හැඟීම කුමක්ද... ජිසෝ මගේ කුඩා කල සිට හොඳම මිතුරිය... ඇය පිලිබඳ වුවත් මෙවැනි අමුතු හැඟීමක් මා හට දැනී නැහැ... ටේහ්‍යුන්ග්.... ඔබව දුටු විට , ඔබ සමඟ කතාබහ කරමින් සිටින විට මා සිත විශාල සතුටකින් පිරී යන බවක් මා හට දැනෙන්නේ.... ඔබ ගැන සිතද්දිත් මගෙ හද ගැස්ම වැඩිවනවා.... ඔබව හැදිනගෙන බොහෝ කාලයක් නොවුවත් මට දැනෙන්නේ අප බොහෝ කාලයක සිට එකට ජීවත්වූවන් ලෙස.... මේ එයද... මෙයටද මිනිසුන් ප්‍රේමය යැයි පවසන්නේ..... නමුත් එය මා ඔහුට පැවසුවොත්.... ඔහු කුමන ප්‍රතිචාරයක් දක්වයිද..... මින් අපගේ මිත්‍රත්වයත් බිඳී යාවිද... කුමක්ද මා කල යුතු....

ජන්කුක් රජු මේ පිලිබඳ තම පාලකවරයාට පැවසූයේ ඔහුගෙන් මේ සඳහා විසඳුමක් ලබාගැනීමේ අරමුණින්.

මා ඔබතුමා මෙය විමසන බව දැන සිටියා රජතුමනි....

කුමක්ද..... ඒ කෙසේද....

මා ඔබතුමාව හඳුනන්නේ ඔබතුමා කුඩා කුමාරයෙක් කල සිට... ඔබතුමාගෙ හැසිරීමෙන් මා හට වැටහී ගොස් පැවතියේ ටේහ්‍යුන්ග් කුමරු පිලිබඳ ඔබතුමාගේ සිතෙහි කැමැත්තක් ඇති බව....

දැන් මා කුමක්ද කල යුතුවන්නෙ... මා හට තිබෙන ගැටලුව ඔහු මීට කුමන ප්‍රතිචාරයක් දක්වාවිද යන්න... මින් අප ගොඩනගාගත් මිත්‍රත්වය බිඳී යාමට නම් කිසිසේත් ඉඩදිය නොහැකියි.... මා මාගේ යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා පණිවිඩකරුවෙක් ගෝර්‍යෝ රාජ්‍ය වෙත පිටත් කලා... කිම් රජු ඊට එකඟ වූ නිසා තවදුරටත් අප සතුරන් නොවේ.... නමුත් මාගේ මේ හැඟීම් නිසා ඒ සියල්ල නැවත වෙනස් වී ගියහොත්...

රජතුමනි.... ඔබ සන්සුන් වෙන්න... මා සිතන ආකාරයට නම් ඔබතුමා කුමරුන් හට සත්‍ය පැවසිය යුතුයි... ඔහු මීට විරුද්ධ වේයැයි මා සිතන්නැ රජතුමනි... එසේ වුවත් ඔබතුමා සමඟ මිත්‍රත්වය බිඳ හෙලීමට මෙය හේතුවක් නොවෙවී... මා හට දැනගැනීමට ලැබුනු පරිදි ටේහ්‍යුන්ග් කුමරු කරුණාවන්ත තැනැත්තෙක්.... එසේම බුද්ධිමත් තැනැත්තෙක්... ඔහු එය වටහාගනීවි....

හ්ම්ම්ම්..... එසේ නම් මේ පිලිබඳ හෙට දිනයේ ඔහු සමඟ පැවසිය යුතුයි....

එසේ පැවසූ ජන්කුක් රජු සැතපීමට ගියේ හෙට දිනයේ කුමක් සිදුවේදැයි කල්පනා කරමිනි.

.

.

.

.

~Thank You For Reading~

𝐃𝐚𝐧𝐝𝐞𝐥𝐢𝐨𝐧𝐬 | 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 [Hanahaki] ✓Where stories live. Discover now