❀ CHAPTER 16 ❀

495 115 31
                                    

ජන්කුක්.... ජන්කුක්..... නැගිටින්න....

හෝසෝක් ජන්කුක්ගේ උරහිසට තට්ටුවක් දැම්මේ ඔහුව ඇහැරවීමටයි.ජන්කුක් සෙමින් දෑස් විවර කලේ හීනෙන් අවදිවන ලෙසින්.

ආ.. මේ වතුර ටිකක් බොන්න...

හෝසෝක් දුන්න වතුර වීදුරුවෙන් ටිකක් බිව්ව ජන්කුක් ඒක පැත්තකින් තිබ්බේ අනික් අතින් හිස දෙපස තෙරපගන්න ගමන්.

අවුලක් නැ නෙ...

නැ.. හෝසෝක් හියුන්ග්... ඔලුව පොඩ්ඩක් රිදෙනවා වගේ...

එහෙම කිව්වත් ජන්කුක් හිටියෙ ලොකු හිතේ වේදනාවකින්.එය තේරුන් ගත්ත හෝසෝක් ජන්කුක් ගේ උරහිසින් අත තිබ්බෙ ශක්තිමත් වෙන ලෙස අඟවමින්.

ජන්කුක්.... අපි එයාව හොයාගමු...

තෑන්ක්‍යූ හෝසෝක් හියුන්ග්.... මට මේ ගැන කියන්න හිටියෙ ඔයා විතරයි...

යාහ්... ජන්කුකා... මන් ඔයාගෙම හියුන්ග් වගේ කියලා අමතක උනාද.... දැන් රිලැක්ස් වෙන්න ටිකක්...

ටික වෙලාවක් ඉදගෙන හිටිය ජන්කුක් හෝසෝක්ගෙන් සමු අරන් ගියේ ඒ තැනට.ඒ පන්සලක් උනත් ජන්කුක් ට එහිදී දැනුනේ වේදනාවක් මුසු පාලුවක් වැනි හැඟීමක්.

.

.

.

Author POV

ජන්කුක් ට මෙච්චර දවස් තමන්ගේ හිතට වද දුන්න ඔක්කොම දේවල් දැන් නිරාකරණය වෙලා තිබ්බා.ඒත් ඔහුට සිදු කිරීමට දෙයක් තිබුනා.ඒ කෙනාව, තමන්ගේ ආත්මීය සහකරුව සොයා ගැනීම.

ජන්කුක් , කොරියාවෙ හිටිය ධනවත්ම ව්‍යාපාරිකයෙකුගේ එකම පුතු වූ ඔහු පියාගෙන් පසු ව්‍යාපාරය බාරගෙන එහි කටයුතු කරමින් සිටියා.ඔහුට සිටියේ වැඩිමල් සහෝදරියක් පමණයි.ඇයත් මේ වන විට විවාහ වී සිටි අතර ඇගේ සැමියා වූ හෝසෝක් ජන්කුක්ට ඔහුගේම සහෝදරයෙක් තරම් සමීප වුනේ ඔහුට ජන්කුක් ගැන හොඳ තේරුන්ගැනීමක් තිබුන නිසා.ඔහු වෘත්තීයෙන් මනෝ වෛද්‍යවරයකු වුනා.

'මෙතනින් තමා හැමදේම පටන් ගත්තේ... '
මීට අවුරුද්දකට පෙර තම පවුලේ අය සමඟ මෙම පන්සලේ වතාවත් කිරීමට පැමිනි ආකරයත්, මෙහි ඇතුලු වූ අවස්තාවේ සිට අමුත්තක් දැනුන ආකාරයත්, එදින සිට අවුරුද්දක් පමණ මේ වනතෙක්ම සිහිනෙන් අමුතු දේවල් පෙනීමට ගත් ආකාරයත් ජන්කුක් ට මතක් වුනා.මුලදී ඒ විකාර හීන කියලා නොසලකා හැරියත් දිගින් දිගටම විවිධ ස්ථාන , විශේෂ කෙනෙක් මැවී පෙනීමත් ඒ කෙනාව පැහැදිලි නොවීමත් ජන්කුක්ගේ සිතට පීඩා ගෙන දුන්නා. කෙනා පැහැදිලි නොවුනත් ඒ කෙනා තමන්ගේ අත් අතර සිටින බවත් , එක්වරම ඔහු තමාගෙන් ඈත් වී යන බවත් සිහිනෙන් දුටු විට ජන්කුක් ට දැනුනේ කියාගන්න බැරි තරම් හදවතේ වේදනාවක්.

𝐃𝐚𝐧𝐝𝐞𝐥𝐢𝐨𝐧𝐬 | 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 [Hanahaki] ✓Where stories live. Discover now