❀ CHAPTER 11 ❀

470 122 23
                                    

කුමරු තවමත් එහි සිටිනවා රජතුමනි.... නමුත් ඔහු සිටින්නේ අසනීපෙන්....

කුමක්ද... එසේ වූයේ කෙසේද... කුමක්ද අසනීපය....

ඒ පිලිබඳ කිසිවක් ඔවුන් මා හට පැවසූයේ නැහැ රජතුමනි... කමා කරන්න... ටේහ්‍යුන්ග් කුමරුන්ව කිසිවෙක් හට මුන ගැසීමට නොහැකි යැයි ඔවුන් පැවසූ බැවින් එතුමන්ව හමුවීමට නොහැකි වූවා....

එය ඇසූ ජන්කුක් රජු ට වැටහී ගියේ කුමක් වුවත් ටේහ්‍යුන්ග් සිටින්නෙ හොඳින් නොවන බවයි.

රජතුමනි ඔබතුමාව හමුවීමට කෙනෙක් පැමින සිටිනවා... ඔහුව......

කවුරුන්ද.... මා හට මේ වෙලාවෙ කිසිවෙක් හමුවීමට නොහැකි.... ඔහුට පසුව පැමිනෙන ලෙස පවසන්න...

ජන්කුක් රජු පැවසූයේ මේ වන විටත් ඔහුගේ සිතෙහි ටේහ්‍යුන්ග් ගැන බියක් හටගෙන තිබූ බැවින් කිසිවෙක් සමඟ කතාකිරීමට හැකි බවක් නොදැනුනු බැවින්.

ඔහු ගෝර්යෝ රාජ්‍යයේ කුමරුන් ගේ ප්‍රධාන ආරක්ෂක බවයි පැවසූයේ... රජතුමනි....

කුමක්.... ඔහුව කැඳවන්න....

ටේහ්‍යුන්ගේ ආරක්ෂක මෙහි පැමිනියේ අනිවාර්යයෙන් කුමක් හෝ ඔහු පිලිබඳ ආරංචියක් රැගෙන විය යුතු බැවින් ජන්කුක් රජු වහාම ඔහුව කැඳවූයේ තම සිත නොසන්සුන්කමින් පිරී යද්දී.

යුන්ගි පැමින ජන්කුක් රජු ඉදිරියේ දනගැසුයේ රජුට කිසිවක් කීමටවත් වෙලාවක් ඉතිරි නොකරමින්.

කිමද මේ.... පවසන්න ටේහ්‍යුන්ග් ට කුමක්ද සිදුවූයේ... කුමක්ද ඔහුගේ අසනීපය...

ජන්කුක් රජු දෙස කෙලින් නොබැලූ යුන්ගි හිස නවාගෙනම කතාකිරීමට පටන් ගත්තෙ ජන්කුක් රජු ගේ ප්‍රතිචාර කුමක් වුවත් බාර ගැනීමට සූදානම් ව.

ටේහ්‍යුන්ග් කුමරුට හනහකි රෝගයයි හටගෙන තිබෙන්නේ රජතුමනි... එයත් දැන් සුව කල නොහැකි තත්වයේ කුමරුන් සිටින්නේ.... මා පැමිනියේ ඔබතුමාගෙන් ආයාචනයක් කිරීමට.... කරුණාකර රජතුමනි.....

යුන්ගි එකදිගටම කියාගෙන ගියේ ජන්කුක් රජු ට කිසිවක් සිතාගැනීමට නොහැකි ව අසරන කරමින්.'ටේහ්‍යුන්ග් කුමරුට හනහකි රෝගයයි ' එය ඇසුනු විට ජන්කුක් රජු ට දැනුනේ කම්පනයක්.එය දැන් සුව කල නොහැකි බව යුන්ගි පවසද්දි එම කම්පනය දෙගුණ වී ගියේ ඔහුගේ හදවත රිදුම් දෙමින්.

𝐃𝐚𝐧𝐝𝐞𝐥𝐢𝐨𝐧𝐬 | 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 [Hanahaki] ✓Where stories live. Discover now