❀ CHAPTER 03 ❀

567 135 37
                                    

ටේහ්‍යුන්ග් එසේ සිතමින් තම පපුව මතින් රෝස පෙත්තත් තමඟ දෑත් තබාගත්තේ කුමක් වුවත් ඔහු වෙනුවෙන් ආදරේ නාමයෙන් ඇති වූ මේ ශාකය එසේම වැඩීයාමට ඉඩ දීමට සිතාගනිමින්....

Taehyung POV

නමුත් මා කෙසේද මෙය සියලු දෙනාගෙන් සඟවාගෙන ඉන්නෙ...

ටික වෙලාවක් කල්පනා කරමින් සිටි ටේහ්‍යුන්ග් පිටත් වූයේ තම පියාණන් හමුවීමට.

ඒ වන විට මදක් සවස් වී තිබුනු අතර රජතුමා පුරුද්දක් වශයෙන් තම උද්‍යානයේ සක්මන් කරමින් සිටියේ.එතැනට පැමිණි ටේහ්‍යුන්ග් තමා පැමිණි බව දන්වා එතැනට ආවේ තම අදහසට පියාගෙන් අවසර ගැනීම අදිටන් කරගනිමින්.

පියාණෙනි... මට ඉල්ලීමක් කරන්න අවසර දෙනවද...

ඒ කුමක්ද පුතණුවණි...

රජතුමා මඳක් පුදුමයෙන් ඇසුයේ ටේහ්‍යුන්ග් කුමරු මින් පෙර කිසි දෙයක් මෙසේ ඉල්ලීම් කර නැති බැවින්.

මා හට ටික කාලයකට මාලියෙන් පිටත ජීවත් වෙන්න අවසර දිය හැකිද පියාණෙනි....

හ්ම්ම්...... ඒත් එකපාරටම එවැනි ඉල්ලීමක්.... හේතුවක් තිබේද පුතුනි..

එසේ විශේෂයක් නැහැ.. පියානෙණි.. ඔබ පැවසූ පරිදි මා යුග දිවියකට එලබෙන්න සුදුසු කාලය බැවින් ඊට පෙර ටික කාලයක් නිදහසේ දිවි ගෙවීමට මා කැමති....

හොඳයි එසේ නම් ඔබට ඊට අවසර ලැබෙනවා...

ස්තූති පියාණෙනි.....

.

.

.

.

.

Before 8 months At Yuan Palace....

මගේ සුභපැතුම් රජතුමනි... ඔබ පියෙක් වෙන්න යන්නෙ...

වෙදැදුරුගේ වදන් ඇසූ සැනින් ජන්කුක් රජු පැමිණියේ තම බිසව හමුවීමට.ලැබූ සුභ ආරංචියත් සමඟ මාලිගයේ සියලු දෙනා සිටියේ බොහෝ සතුටින්.

.

.

.

.

.

මේ වනවිට එයින් මාස අටක් ගතවී තිබුණු අතර ජන්කුක් රජු සිටියේ තම බිසවත් මව් බිසවත් සමඟ සතුටු සාමිචියේ යෙදෙමින්.මව් බිසව තම පුතුන් හට දෙයක් පැවසීමට අවශ්‍ය බව පැවසුයේ ඒ අතරතුරේදියි.

පුතුණි... අපගේ චාරිත්‍රයක් තිබෙනවා එහිදී සිදුවිය යුත්තෙ රජු තම පළමු දරුවා ඉපදීමට පෙර බෞද්ධ පන්සලකට ගොස් සති දෙකක කාලයක් පිලිවෙත් වල යෙදිය යුතුයි.

එයට එකඟ වුනු ජන්කුක් රජු පහුවදාම පිටත් වූයේ අදාළ පිලිවෙත් සිදු කිරීමේ අරමුණින්.

.

.

.

.

.

Geumsansa Temple

කුමරුනි කුමක් නිසාද මෙහිම තෝරාගත්තේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


කුමරුනි කුමක් නිසාද මෙහිම තෝරාගත්තේ...

මෙහෙ නිදහස්... මන් කුඩා කාලයෙත් මෙහි පැමිණ තිබෙනවා... එසේම මන් ආසයි මෙහි පිලිවෙත් කරන්න.. ඉන් මට සැනසීමක් දැනෙනවා..

ටේහ්‍යුන්ග් තම ආරක්ෂක නිළධාරියා මෙන්ම තමන්ගේ සොයුරෙක් ලෙස සලකන යුන්ගි හට එසේ පැවසුවේ අවට පරිසරය දෙස සැනසිලිදායක බැල්මක් හෙලමින්.

Taehyung POV

මා හට සමාවන්න පියාණෙනි... මෙය ඔබෙන් සැඟවීමට මට සිදුවුනා... මට තවත් වැඩි කාලයක් ජීවත් වීමට නැහැ.... මා දන්නවා ඔබ මේ පිලිබඳ දැනගතහොත් මා සුවකිරීම සඳහාසැත්කමක් කරවීම සඳහා ඔබ අනිවාර්යයෙන් යොමුවෙනවා.. ඒත් එයින් සිදුවන්නෙ මගේ හදවතේ ඔහු වෙනුවෙන් පවතින සියලු හැඟීම් විනාශ වී යෑම... එසේ සිදුවීමට වඩා මෙසේම මිය යාම මට සතුටක්...

එසේ සිතමින් සිටි ටේහ්‍යුන්ගේ ඇඳුමෙහි පැළඳ සිටි ආභරණයක් ඉන් ගිලිහි බිම වැටුනේ ඔහුගේ අවදානය ඊට යොමු කරමින්.එය ඇහිඳගෙන නැගී සිටින්න හදද්දිම ඔහු දුටුවේ.........

.

.

.

.

.

අදහසක් කියාගෙන යන්න ☺️❤️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අදහසක් කියාගෙන යන්න ☺️❤️.

❁ Thank You For Reading ❁

𝐃𝐚𝐧𝐝𝐞𝐥𝐢𝐨𝐧𝐬 | 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 [Hanahaki] ✓Where stories live. Discover now