❀ CHAPTER 04 ❀

545 140 34
                                    

එය ඇහිඳගෙන නැගී සිටින්න හදද්දිම ටේහ්‍යුන්ග් දුටුවේ තමා ඉදිරියේ සිටගෙන සිටි පුද්ගලයාව.

ටේහ්‍යුන්ග් සිටියේ තමා මේ දකින්නේ හීනයක්ද සැබෑවක්ද යන්න විශ්වාස කරගත නොහැකිව.

'ජන්කුක්' ටේහ්‍යුන්ග් හිතින් හිතුවා පමණයි.
ටේහ්‍යුන්ග් ජන්කුක් රජුට හිස නමා ආචාර කර පසෙකට වූයේ ඔහුට යාමට ඉඩ ලබා දෙමින්.

ජන්කුක් ටේහ්‍යුන්ග් දෙස බලනවාත් සමඟ ටේහ්‍යුන්ග් ද හිස එසවූවත් සමඟම දෙදෙනාගේ දෙනෙත් මද වේලාවකට යාවී ගියත් ජන්කුක්ගේ අවදානය ටේහ්‍යුන්ගෙන් ඉවත් වූයේ ඔහුගේ ප්‍රධාන පාලකවරයාගේ හඬිනි.

රජතුමනි මේ දෙසින් පැමිනෙන්න.

ජන්කුක් රජු එතනින් පිටව ගියේ නැවතත් ටේහ්‍යුන්ග් දෙස මද බැල්මක් හෙලමින්මය.පන්සලේ නායක පූජකතුමාව හමුවූ ජන්කුක් රජු කලයුතු පිලිවෙත් ගැන එතුමන්ගෙන් විමසා අවසන්ව පැමිනියේ තමන්ට නැවතී සිටීමට සූදානම් කර තිබූ කුටිය වෙත.

මෙම පන්සලේ මෙලෙස පිලිවෙත් වල යෙදීමට පැමිනෙන උදවියට නැවතීම සඳහා වෙනම නවාතැන් පහසුකම් සපයා තිබූ අතර එහිදී තරාතිරම් බේදයක් නොපැවති අතර සියලු දෙනාට සමාන සැලකුම් ලැබීම විශේෂත්වයක් වුනා.මෙහි පැමිනෙන සියලු දෙනා ඒ අදාල පිලිවෙත් කාලය තුලදි කුල මල බේද ආදිය අමතක කර සමඟියෙන් කටයුතු කරන බැවින් මෙහිදී සිදුකරන ප්‍රාර්ථනා ආශිර්වාද ආදිය සාර්ථක වූ බැවින් උසස් කුලවල මෙන්ම රජවරුන් ද මෙහි පිලිවෙත් සඳහා පැමිනියා.

රජතුමනි....

පැමිනෙන්න.... සොයාගත්තද ඔහු ගැන...

එසේය රජතුමනි... ඔහු කිම් රජුගේ දෙවනි පුත් කුමරුන්.... ඔවුන් අප සමඟ සතුරු රාජ්‍යයක් රජතුමනි...

පාලකවරයා පැවසුයේ යටහත් පහත් ලෙස වුවත් අවදාරණාත්මක ස්වරයකින්.රජතුමා ගැන බොහෝ කාලයක සිට දන්නා ඔහු රජතුමා මීට පෙර මෙසේ කිසිවෙක් ගැන සොයා බැලීමට උනන්දු නොවීමත් දැන් මෙසේ සොයා බැලීමට තමාට පැවසීමත් ගැන තිබුනේ සැකයක්.

ඒ සතුරු රාජධානියේ කුමරෙක් බව දැනගත් ජන්කුක් රජුගේ සිතෙහි මේ වනවිට පැවති එකම අරමුණ වූයේ මේ සතුරුකම් අවසන් කර දැමිය යුතුයි යන්නයි.කුඩා කල සිට සියලු දේ සාමකාමී විදියට විසඳීමට වැඩි කැමැත්තක් දක්වපු ජන්කුක් රජු මෙවැනි අරමුණක් ඇති කරගැනීම සාමාන්‍යයෙන් විය හැකි දෙයක්.නමුත් ඊට හේතුව එය පමණයිද..

𝐃𝐚𝐧𝐝𝐞𝐥𝐢𝐨𝐧𝐬 | 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 [Hanahaki] ✓Where stories live. Discover now