❀ CHAPTER 19 ❀

400 109 22
                                    

Taehyung POV

මේ හීනයක් ද... මට දැන් එයාව මැවිලත් පේනවද.... කලින් දවසකත් මෙහෙම උනා.... ඒත් එතකොට එයාව පෙනුනෙ අමුතු විදියකට... හරියට ජෝසන් රජකාලෙ වගෙ... දැන් මෙහෙම...

එහෙම සිතමින් ටේහ්‍යුන්ග් සිටි තැනම නැවතුනෙ තමා මේ දකින්නෙ සැබැ කෙනෙක් ද සිතේ මැවුන දෙයක්ද යන්න තේරුන් ගැනීමට නොහැකිවය.

ඒත් මේ ඇත්තටම එයා නම්....

ඒ වනවිටත් ජන්කුක් ටේහ්‍යුන්ග් දෙසට පැමිනෙමින් සිටියේ.ටේහ්‍යුන්ගේ හදවත වේගයෙන් ගැහෙන බව ඔහුටම දැනුනේ ජන්කුක් පැමිනෙන අයුරු දකිද්දි.නමුත් එක්වරම ඔහුට දැනුනේ හුස්ම හිරවීමක් වැන්නක්.

එයට හේතුව වූයේ තවමත් ඔහු තුල තවමත් ජන්කුක් වෙනුවෙන් වැඩෙන ඒ සපුෂ්ප ශාකයයි. ටේහ්‍යුන්ග් තවමත් තම ආදරය ඒකපාර්ශ්වික යැයි විශ්වාස කරන බැවින්, එම ආදරයේ හිමිකරු ඔහු ඉදිරියේම සිටියත් එයින් ටේහ්‍යුන්ගේ තත්වය උත්සන්න වීමක් පමණයි සිදුවන්නේ.

ටේහ්‍යුන්ග් සිටින්නෙ යම් අපහසුවකින් බව ජන්කුක් ට තේරුන බැවින් ඔහු ඉක්මනින් ම ටේහ්‍යුන්ග් අසලට පැමිනියා.ඒ පැමිනෙනවාත් සමඟ ටේහ්‍යුන්ග් ඇදවැටීමට ගිය බැවින් ජන්කුක් කලේ ටේහ්‍යුන්ග් ව තමා වෙතට ඇදගැනීමයි.ටේහ්‍යුන්ග් දෑස් තදින් වසාගෙන ජන්කුක්ගේ කමිසය තදින් අල්ලාගෙන සිටියේ ඔහුට දැනෙන වේදනාව දරාගැනීමට උත්සාහ කරමින්.හේතුවක් නොදැන සිටියත් ටේහ්‍යුන්ග් සිටින්නෙ කුමක් හෝ වේදනාවකින් කියලා ජන්කුක් ට තේරුනා. ඔහු ටේහ්‍යුන්ගේ පිටපුරා මෘදු විදියට තම දෑත් ගෙනගියේ එයින් යම් සහනයක් ලැබේ යැයි සිතුන නිසා.

ජන්කුක්ගේ එම සියුම් ස්පර්ශය නිසා ටේහ්‍යුන්ග් ට දැනුනේ මෙතෙක් වෙලා ඔහුගේ සිරුර තුලින් දැනුන වේදනාවන් කෙමෙන් කෙමෙන් යටපත් වී යන බවක්.නමුත් ශරීරයෙන් දුර්වලව සිටි බැවින් ඔහු සිහිසුන් වුනේ ජන්කුක් ඔහුව තදින් අල්ලාගද්දියි.

ජීමීන් මන් එහෙනම් තියන්නම්... ඔයා ගෙදර යන්න මන් ටේ එක්ක එනවා තව ටිකකින්...

කෝල් එක කට් කරපු යුන්ගි ටේහ්‍යුන්ග් එතන නොසිටි නිසා ටිකක් කලබල වුන යුන්ගි දුටුවේ යම් අයෙක් ටේහ්‍යුන්ග් ව දෑතින්ම රැගෙන පැමිනෙන ආකාරය.

𝐃𝐚𝐧𝐝𝐞𝐥𝐢𝐨𝐧𝐬 | 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 [Hanahaki] ✓Where stories live. Discover now