යුන්ගි සිටියේ ඔහුගේ උරහිසට හිස තබාගෙන අඬමින් සිටි ජීමීන්ගේ හිස අතගාමින්.සතියකට පෙර සිදුවූ සිදුවීම ඔහුගේ සිතෙහි තවමත් රැඳෙමින් පැවතිනි.
.
.
.
සතියකට පෙර....
යුන්ගි සිටියේ කිම් රජතුමා ඉදිරියේ හිස නවාගෙනය.ඔහු ටේහ්‍යුන්ග් කුමරු බේරාගත නොහැකි වීමට තමාට දඬුවම් ලබා දෙන ලෙස ඉල්ලා සිටියත් රජු කලේ ඔහු දෙස හිස් බැල්මක් හෙලීම පමණි.
රජතුමනි ජීමීන් කුමරු පැමින සිටිනවා....
ඔහුව කැඳවන්න...
ජීමීන් කුමරු පැමිණ යුන්ගි ගේ දකුණු පසින් සිටගත්තේ රජුට ආචාර කරමින්.
මා හට ඔබ දෙදෙනාටම පැවසීමට දෙයක් තිබෙනවා....
පවසන්න රජතුමනි....
යුන්ගිත් ජීමිනුත් එක්වරම එසේ පැවසුවේ කුතුහලයකුත් බියකුත් සිතෙහි ඇතිවය.
ඔබ දෙදෙනා අතර සම්බන්ධයක් පවතින බව මා දන්නවා......
මා එයට අවසර ලබා දෙනවා... මෙය මගේ පුත් කුමරුගේ අවසාන ඉල්ලීම.... ඔහුට අවශ්‍ය වූ දෙය මා හට වටහාගත නොහැකි වුනා... ඔහු වෙනුවෙන් මා හට සිදු කල හැකි අවසාන දෙය මෙයයි..... ඇතැම් විට මෙය මෙසේ සිදු නොවුනා නම් මා මෙසේ නොකිරීමට ඉඩ තිබෙන්න තිබුනා.... ජීමීන්.... ඔබත් මගෙම පුත්‍රයෙක් වගේ.... මා හට තවත් පුත්‍රයෙක් අහිමි කරගැනීමට නොහැකී.... ඔබ දෙදෙනාට මා ආශිර්වාද කරනවා....
රජු කතා කර අවසන් වන විට ජීමිනුත් යුන්ගිත් සිටියේ කිසිවක් සිතාගත නොහැකිව.ඔවුන් දෙදෙනා ප්‍රේම කලත් කිසිදා එක්වීමට හැකි වේයැයි සිතුවේ නැති අතර ටේහ්‍යුන්ග් මෙයට සම්බන්ධ වීම පිලිබඳ ද ඔවුන්ගේ සිතේ ගැටලුවක් මතු වුනා.
මෙය ගන්න.... සියලු දේ වැටහේවී...
රජතුමා ලියමන් දෙකක් ජීමීන් වෙත පෑ අතර ජීමීන් එය රැගෙන හිස නමා ආචාර කලේය.
ඔබ දෙදෙනාට පිටව යා හැකියි...
රජු එසේ පවසා ඔවුන් පිටත් ව ගිය පසු තම අතට ගත්තේ ඔහුගේම පුතු තමාට එවූ අවසන් ලියමන.එහි තම පුතු මෙසේ කිරීමට හේතුත් , ඒ සඳහා තමාගෙන් සමාව අයැද තිබූ අයුරුත් මතකයට නැඟෙන විට රජුගේ දෑසට කඳුලු උනා ආවේ ඉබේටම.ටේහ්‍යුන්ග් සියල්ල සිදු කලේ සතුටින් බව සඳහන්ව තිබීම පමණයි රජුගේ සිතට සැනසීමක් ගෙන දිය හැකි වූ එකම කරුණ වූයේ.අවසාන වශයෙන් ඔහු ඉල්ලීමක් ලෙස පවසා තිබූයේ ජීමීන්ට ඔහුගේ ප්‍රේමය අහිමි නොකරන ලෙස.පියෙකු ලෙස තම පුතුගේ අවසාන ඉල්ලීම ඉටු කිරීමට රජු තීරණය කලේ එය ටේහ්‍යුන්ගේ අවසාන ඉල්ලීම වීමත් , ජීමීන් ගේ ජීවිතය අකාලයේ විනාස වී යාමට තමාට ඉඩ දිමට අවශ්‍ය නොවන නිසාත් ය.
![](https://img.wattpad.com/cover/291571777-288-k201318.jpg)
YOU ARE READING
𝐃𝐚𝐧𝐝𝐞𝐥𝐢𝐨𝐧𝐬 | 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 [Hanahaki] ✓
Fantastik~ 𝑪 𝑶 𝑴 𝑷 𝑳 𝑬 𝑻 𝑬 𝑫 ~ ඔබතුමාත් ටේහ්‍යුන්ග් කුමරුත් මෙම ආත්මයේ පමණක් නොවේ... ආත්ම ගනනාවක් එකිනෙකා වෙනුවෙන් ඉපදෙන ආත්මීය සහකරුවන්..... . . . යලි කිසිදු ආත්මයක ඔබත් ටේහ්‍යුන්ග් කුමරුත් කිසි දෙයකින් වෙන් කල නොහැකි වේවී..... . . . Jungkook Pov...