❀ CHAPTER 17 ❀

449 113 31
                                    

ටේහ්‍යුන්ග්..... මට කියන්න කවුරු නිසාද මේ.....

කාමරේ පොලොව මත වැටී තිබූ රෝස මල් පෙති දෙස බලමින් යුන්ගි ඇසුවේ ටේහ්‍යුන්ගේ උරහිස් වලින් අල්ලලා හොලවමින්.යුන්ගිට දැනුනේ හරියට කලින් වෙලා තියෙන දෙයක් නැවත සිදුවීමට යන්නාක් මෙන් හැඟීමක්.එසේ හැඟීමට හේතුව නොතේරුනත් ඔහුගේ සිත අමුතුම බියකින් වැසී ගියේ තමාගෙ සහෝදරයා ගැන තිබුනු දැඩි සෙනෙහස නිසාවෙනි.

මීට අවුරුදු කීපයකට පෙර ඔවුන්ගේ පියා පිලිකාවකින් මිය ගිය පසු පවුලේ වගකීම් පැවරුනේ යුන්ගි මතට. ඔහු එදා පටන් ටේට සහෝදරයෙක් මෙන්ම පියෙක් ද වුනා.එසේ තම දරුවෙක් ලෙස සෙනෙහසින් ආරක්ශා කරන ටේහ්‍යුන්ග් තමාට යමක් සඟවා ඇති බව හැඟීමෙන්ද යුන්ගිගේ සිතට ලොකු වේදනාවක් ඇති වූවා.

හියු..න්ග්... මියා..නේ... ඇත්තටම... මන් එයාගේ නම දන්නෑ....

මොකක්ද ටේ කියන්නේ..... ඔයා තනියම ආදරේ කරන්නේ නමවත් දන්නැති මනුස්සයෙක්ට කියලද කියන්නේ..

හියුන්ග්...

ටේහ්‍යුන්ග් කඳුලු පිරි දෑස් වලින් අහිංසක විදියට බලද්දි යුන්ගිගේ සිතත් මදක් සසල වී ගියෙන් ඔහු සන්සුන් විදියට ටේහ්‍යුන්ග් ව තුරුල් කරගත්තේ ආදරෙන්.

හියුන්ග් ට කියන්න ටෙටේ... කොහොමද උනේ මෙහෙම...

මන් කියන්නම් හියුන්ග්....

.

.

.

ජන්ගූ.....

ජිසූ... ඔයා මෙහේ....

ඇයි මට එන්න බැයිද....

ජිසෝ රවාගෙනම ඇවිත් ඉස්සරහින් ඉදගත්තා.

හා හා ඔහොම තරහ ගත්තොත් ඉතින් ජුනී හියුන්ග් ව මැරි කරන්න කලින් ඔයා නාකි වෙයි...

ඒක කිව්වම නම් ජිසෝ හිටියෙ ලැජ්ජාවෙ රතු වෙවී. ඒත් ඉක්මනටම ජිසෝ කතාව වෙනස් කලේ ඒක නොපෙන්න උත්සාහ කරමින්.

ඒක නෙවේ ජන්ගූ... ඔයා හොයාගත්තද එයාව.... ඔයාගෙ සිහින කුමාරයාව.....

තාම නැ ජිසූ... මට කොහෙන්ද පටන්ගන්නෙ කියලා හිතාගන්න බැ....

ජන්කුක් ඒක කිව්වෙ ලොකු අවුලකින් කියලා තේරුන නිසා ජිසෝ ඔහු ලඟට ගිහින් උරහිසින් අතක් තිබ්බා.

𝐃𝐚𝐧𝐝𝐞𝐥𝐢𝐨𝐧𝐬 | 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 [Hanahaki] ✓Where stories live. Discover now