ටේහ්‍යුන්ග්......
ජීමිනා... ඔයා ආවද.....
ජීමීන් ඇවිත් ටේව හග් කලේ මූනෙ පොඩි දුකකුත් රදවගෙන.
යුන්ගි හියුන් මට හැමදේම කිව්වා... ඇයි ටේ ඔයා මටවත් කිව්වෙ නැත්තේ මේ ගැන...
ජිමිනි... මන් හිතුවෙ ඒක විකාරයක් කියලා... මට පිස්සු කියලා හිතුනේ... එයාව මන් එකදවසක් එකපාරයි දැකලා තියෙන්නේ... ඉතින් කොහොමද මෙහෙම උනේ කියලා මටවත් තාම හිතාගන්න බැ...
අපි කොහොම හරි එයාව හොයාගන්න බලමු ටේ....
ජීමීන් එහෙම කියද්දි ටේගේ හිතට ලොකු සැහැල්ලුවක් දැනුනේ මෙච්චර දවස් හිතේ හිරවෙලා තිබුන දේවල් දැන් එයාගෙ ලඟම අය දන්න නිසයි.
.
.
.
නැ.. නැහ්.... එපා....
ජන්කුක් එකපාරටම නින්දෙන් ඇහැරුනේ හීනෙන් යලිත් ඒ මොහොත දැකීමෙනි.ජන්කුක් අසල තිබුන වතුර වීදුරුවක් හිස් කලේ ටිකක් සන්සුන් වෙමින්.
Jungkook POV
ඇයි ආයෙම ඒක පේන්නේ... මට හැමදේම මතක් උනාට පස්සෙ එහෙම පේන එක නැවතුනා.... ඒත් ආයෙම ඇයි මේ.... ඒත් මොකක් හරි අමුත්තක් තිබුනා....
ජන්කුක් ආයෙම හීනේ ගැන මතක් කරන්න ගත්තේ එතන මොකක් හරි වෙනසක් තිබුන බව මතක් වුන නිසා.
ඔව්... ඒක තමා.... ඒත් එහෙම පෙනුනේ ඇයි.... එතන ටේහ්‍යුන්ග් කුමරු විදියට නෙවෙ හිටියෙ... එයා හරියට දැන් කාලෙ කෙනෙක් වගේ... ඒත් වෙනසක් නැ... එයා හිටියෙ මගෙ අත් අතරේ.... හරියට ඒ ආත්මේ වගේම..... ලේ.... රෝස මල් පෙති... මගේ ඇඳුම පුරාම තිබුනා... ආශ්.... ඇයි එහෙම.... බැරිවෙලාවත් ඒ අනාගතේ ද.... නැහ්... නෑ.... එහෙම වෙන්න බැ.... ආයෙත් එහෙම වෙන්නැ.... ඇයි මට එහෙම පේන්නෙ.... ඔයා කොහෙද ඉන්නෙ...
ජන්කුක් තම හිස අත් දෙකෙන්ම අල්ලගෙන සිටියේ ඒ දැකපු දේ ආයෙ ආයෙ මතක් වෙන එක නවත්තගන්න නොහැකිව අසරන වෙලා.
.
.
.
මේ වෙලාවේ ටේහ්‍යුන්ග් සිටියේ ගොඩක් අපහසුවෙන්.ඔහුට දරුණු කැස්සක් ආවේ රෝස මල් පෙති සමඟම රුධිරයත් පිටවෙමින්.එය දකින විට ටේහ්‍යුන්ගේ සිතේ පැවතියේ මිශ්‍රිත හැඟීමක්.
YOU ARE READING
𝐃𝐚𝐧𝐝𝐞𝐥𝐢𝐨𝐧𝐬 | 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 [Hanahaki] ✓
Fantasy~ 𝑪 𝑶 𝑴 𝑷 𝑳 𝑬 𝑻 𝑬 𝑫 ~ ඔබතුමාත් ටේහ්‍යුන්ග් කුමරුත් මෙම ආත්මයේ පමණක් නොවේ... ආත්ම ගනනාවක් එකිනෙකා වෙනුවෙන් ඉපදෙන ආත්මීය සහකරුවන්..... . . . යලි කිසිදු ආත්මයක ඔබත් ටේහ්‍යුන්ග් කුමරුත් කිසි දෙයකින් වෙන් කල නොහැකි වේවී..... . . . Jungkook Pov...