❀ CHAPTER 12 ❀

497 123 43
                                    

ජන්කුක් රජු ටේහ්‍යුන්ග් සිටි කුටියට ඇතුලුවනවාත් සමඟ ඔහු දුටුවේ සයනය මත වකුටු වී සිටි ටේහ්‍යුන්ග් ව.වේදනාව නිසා ඔහුගේ දෑසින් කඳුලු කඩා හැලෙමින් පැවති අතර එක් අතකින් තමාගෙම පපුව තදින් මිරිකාගනිමින්, අනෙක් අතින් සයනයේ පැවති ඇතිරිල්ලත් පොඩිකරමින් ඔහු එම වේදනාව දරාගැනීමට උත්සාහ කරමින් සිටින ආකාරය දුටුවිට ජන්කුක් රජු ට දැනුනේ තම ආත්මයම පිලිස්සී යන ආකාරයේ හැඟීමක්.

ජන්කුක් රජු ටේහ්‍යුන්ග් අසලට ම පැමිනියද ඔහුට ඒ පිලිබඳ වැටහීමක් නොතිබූයේ වේදනාව හේතුවෙන් ඔහුගේ දෑස් ද තදින් පියවී ගොස් තිබූ බැවින්.

ජ..ලය..

ටේහ්‍යුන්ග් ගේ මුවින් එසේ ඇසෙනවාත් සමඟම එහි සිටි සේවිකාවක් ජල බඳුනක් රැඟෙන පැමිනියේ ටේහ්‍යුන්ග් හට ලබා දීමට. එය තමා අතට ගත් ජන්කුක් රජු එහි සිටි සියලු සේවිකාවන් ට ඉවත්වීමට පවසා ටේහ්‍යුන්ග් අසලින් හිඳ ගත්තේ තමා ගැනම විශාල පසුතැවීමකින් සිත පෑරී යද්දි.තමා රජෙකු බවත් මේ මොහොතේ අමතක කර දැමූ ජන්කුක් ටේහ්‍යුන්ග් ව සෙමින් සයනයේ කෙලවරින් ඉන්දවූයේ ජලය ලබාදීමට.තවමත් අඩක් පියවී ගිය දෑසින් නැවත නැවතත් නැවුම් කඳුලු ගලාගියේ ඔහුගේ වේදනාව කොපමණ දැයි විදහාදක්වමින්.එකවරම ටේහ්‍යුන්ග් හුස්ම ගැනීමට අපහසුවෙන් සිටින බව ජන්කුක් දුටු අතර කුමක් කරම්දැයි ඔහුට සිතාගත නොහැකි වුවා.ඔහු මෙසේ සිටිනවා බලා සිටිය නොහැකිවූ තැන ජන්කුක් රජු කලේ ටේහ්‍යුන්ග් ව තම පපුවට තුරුලු කරගැනීම.එසේ කලවිට ටේහ්‍යුන්ග් මදක් සන්සුන් ලෙස සිටියත් එකවරම ඔහුට ඇතිවූ කැස්සක් සමඟ ඔහුගෙන් පිටවූ රෝසපෙති වරුසාවෙනුත් ඒ සමඟම මුසුවූ රුධිරයෙනුත් ජන්කුක් ගේ ඇදුම නැහැවී ගියේ එය රත් පැහැයෙන් සිතුවම් කලාක් මෙනි.

එයින් පසු ටේහ්‍යුන්ග් ට සිහිය පැමින යම් සැනසීමකුත් දැනී දෑස් විවර කලවිට ඔහු දුටු දෙයින් පුදුමයටත් කලබලයටත් පත් වූයේ තමා ඉදිරියේ සිටින්නේ ජන්කුක් රජු බවත් තමා සිටින්නේ ඔහුගේ තුරුලේ බව වැටහී යාමත්, ජන්කුක් රජු ගේ ඇඳුමේ තිබූ තම රුධිර පැල්ලම දැකීමත් හේතුවෙනි.

𝐃𝐚𝐧𝐝𝐞𝐥𝐢𝐨𝐧𝐬 | 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 [Hanahaki] ✓Where stories live. Discover now